(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
ඇඳිරි නීතිය පවතින කාලය තුළදී නිවෙස්වලට වී සිටින මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකය වෙත සහ 0112444480 , 0112444481 යන අංක අමතා දැනුම් දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.
රටේ උද්ගතවී ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ඇඳිරි නිතීය පවතින කාලයේදී මහජනතාවට ඇතිවන සෞඛ්‍ය ගැටලූ , විදුලිය විසන්දිවීම් , ජලය අත්හිටුවීම් ඇතුලු සපුරාගත යුතුව ඇති පොදු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ අංක තුන අමතා පොලීසියට දැනුම් දෙන ලෙසට මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මහජනතාවගෙන් ලැබෙන එවන් වූ දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් සංවේදී ව වහාම ක්‍රියාත්මක වී කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
එසේම, නිරෝධායනය වීම සඳහා නිවෙස්වලට වී සිටින ලෙසට උපදෙස් ලබා දී ඇති පුද්ගලයින්ගේ නිවෙස්වල ඥාතීන් නිවෙස්වලින් පිටතට පැමිණීය හොත් ඒ සම්බන්ධයෙන් වුවද මෙම අංක වෙත දැනුම් දෙන ලෙසට ද පොලීසිය ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහලින්ම අගය කළයුතු කටයුත්තක් කියා කියන්න පුළුවන්.