IMG-LOGO

සියලු අධිවේගී මාර්ග හෙට විවෘත කරයි

(ඩයනා උදයංගනී)
 
සියලූ අධිවේගී මාර්ග හෙට (11) උදෑසන 7.00 සිට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතා පැවසීය.
 
දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉකුත් සතියේ සිට විවෘතව පවතින අතර කටුනායක කොළඹ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ද හෙට සිට විවෘත කරන බව සභාපතිවරයා සදහන් කළේය.
 
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවූ තත්ත්වය නිසා විවිධ වෙනස්කම්වලට ලක්වූ ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත්කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙලෙස අධිවේගී මාර්ග ද විවෘත කෙරෙන බව සභාපතිවරයා කීවේය.

රැකියා සදහා හෙට (11)  සිට පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට අධිවේගී මාර්ග භාවිතා කළ හැකි බවද හෙතෙම පැවසීය

දැනට රට තුළ ක‍්‍රියාත්මක නීති රීති යටතේ පොලීසිය විසින් අධිවේගී මාර්ග ඔස්සේ සිදුකෙරෙන ගමනාගමන කටයුතු අධීක්‍ෂණය කරන බව ද චමින්ද අතළුවගේ මහතා කියා සිටියේය.
 



අදහස් (0)

සියලු අධිවේගී මාර්ග හෙට විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 659 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site