
(තිළිණි ද සිල්වා)
කොවිඩ් මර්දනය සදහා රුසියාව සොයා ගත් ස්පුට්නික් -5 එන්නතේ කාර්යක්ෂමතාව සියයට 91.4 කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බව රුසියානු ගමලෙයා පර්යේෂණ ආයතනය අවධාරණය කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්ව, ඒ බව තහවුරු කර ගෙන ඇතැයිද තානාපති කාර්යාලය වැඩිදුරටත් කීය.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශයයේ වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනය අතර ඉකුත් 29 දා පැවැති අන්තර්ජාල රැස්වීමකදී මේ බව දැනුම් දුන්නේයැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දේ.
මෙම රැස්වීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයා තිබිණි.
මෙම එන්නත නිෂ්පාදනය සඳහා භාවිතා කරන තාක්‍ෂණය, එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව, සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල සහ අනුමත කිරීම්වල තත්ත්වය පිළිබඳව ඔවුහු සාකච්ඡා කළ බවද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
වෛරසයේ වෙනස්වීම් පිළිබඳව මෙරටදී කරන ලද පර්යේෂණ සහ මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය රුසියානු විශේෂඥයින් දැනුවත් කළේය.
අවශ්‍ය සියලු විද්‍යාත්මක දත්ත ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පාර්ශ්වයට පූර්ණ තොරතුරු පරාසයක් ලැබෙන බවට සහතික කිරීම සඳහා වැඩිදුර සාකච්ඡා මාලාවක් පැවැත්වීමට සූදානම් බවත් රුසියානු පාර්ශ්වය ඔවුන්ගේ වාරයේ දී සහතික විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, වෛද්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් වෛද්‍ය එල්. සෝමතුංග මහතා, වසංගත රෝග විද්‍යාඥයින්, ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්, එන්නත් පිළිබඳ විද්‍යාඥයින්, වෛරස් විද්‍යාඥයින්, ප්‍රතිශක්ති විද්‍යාඥයින් සහ වෙනත් විශේෂඥයින් මීට එක් වූහ.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ස්පුට්නික්-5 එන්නතේ කාර්යක්ෂමතාව ඉහළ බව රුසියානු බලධාරීහු දැනුම් දෙති
dhamneth Saturday, 02 January 2021 11:51 AM
මීට වසර දෙක තුනකට පෙර රුසියාවෙන් පිළිකාවට දෙන්න ගෙනා බෙහෙත් වර්ගයක් නිසි ප්‍රමිතියට නැතැයි කියා ප්‍රතික්ෂේප කළා නේද?