ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනා වයිරසය වැළඳීමෙන් සුවය ලබා ඇතැයි වාර්තා වේ
මාරියා බ්රන්යාස් නම් මෙම කාන්තාවගේ වයස අවුරුදු 113කි.
ඇයට කොවිඩ් - 19 වැළඳී ඇත්තේ මාර්තු මාසයේදී ස්පාඤ්ඤය අගුලු දැමීමෙන් පසුවය.
නමුත් සති කිහිපයක් ස්වයං හුදකලා වීමෙන් පසු ඇය සුවය ලැබීය. ඇයට පෙන්නුම් කළේ සුළු රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පවසති.
මාරියා 1918 - 1919 කාලයේ ඇතිවූ උණ වසංගටය ද 1936 - 1939 ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය කොරෝනා වසංගතයට ද සාර්ථකව මුහුණ දුන් කාන්තාවක් බව මෙයින් පැහැදිලි වන්නේ යැයි මාධ්‍ය සඳහන් කර තිබේ.
"ඇයට දැන් සනීපයි. ඇය හරිම අපූරුයි, ඇගේ අතීතාවර්ජනාවන් සම්බන්දව පැහැදිලි කිරීමට ඇය කැමතියි." යැයි ඇගේ දියණිය පවසයි.
1907 වර්ෂයේදී මෙක්සිකෝවේ මාරියා උපත ලැබූවාය.
එයින් වසර දෙකකට පසු ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ වෙත ගොස් පළමු ලෝක යුධ සමයේදී ස්පාඤ්ඤයේ ගිරෝනා පළාත වෙත පැමිණ ඇත්තේ ඇගේ මාධ්‍යවේදී පියා සමගිනි.
මාරියා දරුවන් තිදෙනකු වැදුවාය.
ඇගේ වැඩිමල් දරුවාට මේ වනවිට වයස 86කි. මාරියාට මුනුබුරු මිනිබිරියන් 11ක් සිටින අතර ඔවුන්ට ද දරුවන් 13 දෙනකු සිටියි. එනම් මාරියා මුනුබුරු මිනිබිරියන් 13කගේ මී මිත්තනියකි.
මාරියා පසුගිය දශක දෙක පුරා රැකවරණ නිවාසයක ජීවත් වූවාය.
පසුගිය වසරේ මාධ්‍යට අදහස් දක්වමින් මාරියා පවසා තිබුණේ තමාට ජීවත් වීම හැර වෙන කිසිවක් අවශ්‍ය නොවන බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස අවුරුදු 113ක් වන දරුවන් තිදෙනෙකුගේ මවක්, මුනුබුරු මිනිබිරියන් 11 දෙනෙකුගේ මිත්තනියක්, පසුගිය දශක දෙක පුරා වැඩිහිටි රැකවරණ නිවාසයකයි ජීවත් වෙන්නේ. ඔන්න ඕකයි ලෝකයේ තත්වය.
වාසනාවන් !!! දීර්ඝායුෂ වේවා !!! මේ වාසනාවන්ත කාන්තාව ලෙඩෙන් බේරීම සතුටට කරුණක්...