එක්සත් රාජධානියේ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්-19’ හි නව වයිරස ප්‍රභේදය හේතුවෙන් දේශසීමා වසා දැමීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.
ඒ අනුව දෙසැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දමා තිබෙන අතර වරාය ද වසා දමා ඇත. සතියකට බල පැවැත්වෙන පරිදි මෙම සීමා පනවා තිබෙන අතර තත්ත්වය සලකා බලමින් එය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න තීරණය කරන බව ද සෞදි බලධාරිහු අද (21) ප්‍රකාශ කළහ.
යුරෝපයෙන් හෝ නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය වාර්තා වන රටකින් පැමිණි සියලු සංචාරකයන් දින 14ක නිරෝධායනයකට යටත් වන බවත් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු විය යුතු බවත් එම බලධාරීහු කීහ.
කෙසේ නමුත් නව ප්‍රභේදය වාර්තා නොවන රටවලින් පැමිණෙන යාත්‍රා සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට රටට පැමිණිය යුතු යැයි ද එම බලධාරීහු පැවැසූහ.
මේ අතර මේ වනවිට රටට පැමිණ ඇති ජාත්‍යන්තර ගුවන් යානාවලට රටින් පිටවීමට හැකියාව ඇතැයි ද එම බලධාරීහු තවදුරටත් කීහ.
ඒ.එෆ්.පී.
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සෞදියේ දේශසීමා වසා දමයි