(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට ලබා දී තිබූ කාලය තවත් පැය 06 කින් දීර්ඝ කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම අද (22) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
සංක්‍රමණික ගුවන් මගීන්ට කටුනායක ගුවන් තොටුපළ තුළ රැඳී සිටීමට මෙතෙක් ලබා දී තිබූ පැය 06 ක කාලය පැය 12 ක් දක්වා දීර්ඝ කර තිබේ.
සංක්‍රමණික ගුවන් මගීන් කිසියම් රටක සිට පැමිණ වෙනත් රටක් කරා යෑමට තවත් ගුවන් යානයක් පැමිණෙන තෙක් මෙසේ කටුනායක ගුවන් තොටුපළ තුළ රැඳී සිටීම සිදුවේ.
කටුනායක ගුවන් තොටුපළ මෙසේ සංක්‍රමණික ගුවන් මගීන් බහුල ලෙස හුවමාරු වන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබුණි.
කොවිඩ් - 19 වසංගත රෝග තත්වය යටතේ මෙවැනි සංක්‍රමණික ගුවන් මගීන්ගේ පැමිණීම ද බොහෝ සේ අඩුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd