(දිල්රුක්ෂි ග්‍රේරු)
අධ්‍යන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යපෙළ ) විභාගයේ ප්‍රතිළුල අද (27) නිකුත් කර ඇතැයි විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසයි.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන WWW.doenets.lk වෙබ් අඩවියෙන් සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි සඳහා පිවිස නිවැරදිව විභාග අංක අතුළත් කර ප්‍රතඵල බලා ගත හැකි යැයිද විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 717,246 දෙනකු පෙනී සිට ඇත.
එයින් පාසල් අයදුම්කරුවන් 433,189 දෙනකු වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 284,057 කි. විභාග මධ්‍යස්ථාන 4,989 කදී විභාග පැවති අතර සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 542 කි.
ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් දුරකතන අංක මගින් විමසීම කළ හැකි බවද කොමසාරිස්වරයා දන්වා සිටී.
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 011-2784208 / 011-2784537/011-3188350/011-3140314 සහ ක්ෂණික ඇමැතිම් අංකය 1911

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd