(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට කෝවිඩ් 19 ආසාදනය වීමේ අවදානම සම්බන්ධව සමාජයෙන් කොන් කර සළකමින් බොහෝ සමාජ මාධ්‍ය හරහා ප‍්‍රවෘත්ති පළ කර ඇති බව එම ගුවන් සේවය සඳහන් කරයි.
විශේෂයෙන් හෝටල් පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවල දී එම කාර්යමණ්ඩල සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වෙනස් කම් කිරීම් පීඩාවන්ට පත් කිරීම් සහ අපහසුතාවන්ට පත්කිරීම් අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයක් බව ද එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
ගුවන් සේවයේ ආයතනික සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් විසින් කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සලසන බවත් ජාත්‍යන්තර ගුවන් ප‍්‍රවාහන සංගමය විසින් ගුවන් කාර්ය මණ්ඩලය තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ හැසිරවීමේ අංශ සඳහා නිකුත් කරන ලද ආරක්ෂාව සහ කාර්ය පටිපාටියන් සහ මග පෙන්වීම් සියල්ලම ගුවන් සේවය විසින් සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට සාමාන්‍ය ජනතාව, ජාත්‍යන්තර සංචාරකයන් හා ආනයනික සහ අපනයනික භාණ්ඩ සමග මුහුණට මුහුණලා කටයුතු කිරීමට සිදුව ඇති බැවින් මෙකී සියලූ අංශයන්හි සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගුවන් යානා ඉතා ගැඹුරින් පිරිසිදු කිරීමට කටයුතු කරන බව එම ගුවන් සමාගම කියයි.
තම කාර්ය මණ්ඩලයේ සියලූ දෙනාට බෝවන රෝග තත්ත්වයන් යටතේ පියාසර කිරීම පිළිබ`ද විධිමත් හා ආරක්ෂිත පුහුණුවක් ලබා ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුකූලව මෙහෙයුම් සම්බන්ධව නිරන්තර යාවත්කාලින වන බවත් එම ගුවන් සේවය පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප එසේ නොකරන්‌නෙමු. කවරෙක් හෝ මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඔවුන් සිහලුන් නොවේ ජාති ද්‍රෝහී අධම සුළු පිරිසකි.
කෙනෙකු තවකෙනෙකු එසේ කොන් කරන්නේ නම් එම තැනැත්තා හෝ තැනැත්තිය 100% අංගසම්පුර්ණ ,100% නිරෝගී මෙන්ම කිසිදු අඩුපාඩුවකින් තොර පුද්ගලයෙක් විය යුතුය. එවැන්නෙක් මිහිපිට නම් කිසිසේත් සිටිය නොහැකිය. එබැවින් මෙය මිනිසුන් අතරේ විය නොහැක නමුත් " තිරිසනුන් " නම් එසේ අනිකාව කොන්කිරීමට උපන් හපන්නුන් බැවින් එසේ කිරීමෙන් තමන් තිරිසනෙක් යන්න එළිපිටම සමාජයේ පෙන්වන්නෙකි.
ප්‍රධානතම ගතිගුණය අනිකාව කොන්කිරීම බැවින් මෙය ඉතාම හොද අවස්ථාවක් මිනිස් ආත්ම ලබපු තිරිසනුන් හදුනා ගැනීමට.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ජීවිතයද නොතකා කරන සේවය ඉතාමත් අගය කොට සැලකිය යුතුය .
මම බැලුවා ලෙඩ වෙලා පසුව සනීප වුණු ටුවර් ගයිඩ්ගේ සම්මුඛ සාකච්චාවක්. ඒයා කිව්වා එයාලගේ පැත්තේ සමහර ගෑනු අය කිව්වලු පවුලේ අය එලවලා ගෙදරට ගිනි තියන්න ඕනේ කියලා. ඒ වගේ මිනිස්සු ඉන්න සමාජයක මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
පැය 24 ම බණ අහන රටේ සැබෑම තත්වය තමා. තාම ඉන්නේ ගල් යුගේ.
පහත් මානසිකත්වයක් තියෙන කුහක මෝඩ මිනිස්සු ැන කවර කතාද ? බල්ලෝ බිරුවට කන්ද කඩා වැටෙන්නේ නැහැ.
අහලා තියෙනවා නේද වදනක්. අඩු කලේ වතුර නිතරම සෙලවෙනවා කියලා. අන්න ඔය වගේ අය තමයි එහෙම කරන්නේ. අප ජීවත් වන රටේ මිනිස්සු කවදාවත් එහෙම කරන්නේ නැහැ. අපේ මිනිසුන්ගෙන් වැඩි හරියක් ඉන්නේ ඊර්ෂියාකාර හීනමානය තියෙන අය. ඒ අතර හොඳ අයත් ඉන්නවා. හැම ආගමක්ම ඉහළින්ම අදහන අය තමයි ඔය විදිහට මිනිසුන්ට අපහාස කරන්නේ.
ලෝකේ සෑම රටකම මෙවැනි පිරිසක් ඉන්නවා.