(ඩී.ජී.සුගතපාල)
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරු විමෙන් පසු එම කඳවුරේ සේවය කරනු ලබන ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි සෙබළුන් අට දෙනෙකු පි.සී.ආර්.පරික්ෂණය සඳහා අද(24) කරාපිටිය රෝහලවෙත ගෙන එනු ලැබු බව කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.
ගාල්ල දඩල්ල මාඉටිපෙ අම්බලන්වත්ත, අහංගම මිගහගොඩ, නෙලුව මැදගම, රත්ගම කන්දේගොඩ, හික්කඩුව නාරිගම යන ප්‍රදේශවල පදිංචි මෙම සෙබළුන් පසුගිය 18 සහ 21 යන දිනවල නිවාඩු ලබා පැමිණ සිටියදී කඳවුරේ සෙබළුන් පිරිසකට කොරෝනා ආසාදනයවි ඇති බව තහවුරු විමෙන්පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් නිවාස තුලම නිරෝධායනයට යොමුකර ඇත.
මේ අතර අද දින ඔවුන්ගේ පි.සී.ආර්.පරික්ෂණ සිදු කිරිම සඳහා කරාපිටිය රෝහල වෙත රැගෙනවිත් ඇත.රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔවුන්ගේ පි.සි.ආර්.පරික්ෂණ අද දින සිදු කිරිමට නියමිත බවය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැලිසර කඳවුරේ සිට නිවාඩු ගිය ගාල්ලේ සෙබළුන් 8ක් පීසී ආර් පරීක්ෂණයට