වීරකැටිය නගරය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 15 දෙනකු හමුවීමත් සමග වීරකැටිය නගර අවට පාසල් හතරක් වසා දැමීමට තීරණය කළ බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ කෝවිඩ් වැළැක්වීමේ ප්‍රාදේශීය කමිටුවේ සාමාජික වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපති පියසේන ලියනආරච්චි මහතා පවසයි.
වීරකැටිය රාජපක්ෂ ජාතික පාසල,ප්‍රාථමික පාසල, මණ්ඩාඩුව මහා විද්‍යාලය, කොන්ඩගල සිංගප්පූරු ශ්‍රී ලංකා මිත්‍රත්ව බාලිකා විදුහල මෙසේ හෙට දිනය දක්වා වසා දමා තිබේ.
මීට අමතරව වීරකැටිය නගරය ආශ්‍රිතව ඇති පෙර පාසල්, උපකාරක පන්ති හා සති පොළ හා තොග වෙළෙඳපොළ ද තාවකාලිකව වසා දැමූ බව කොරෝනා මර්ධන කමිටුව කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වීරකැටියේ පාසල් හතරක් අද සහ හෙට වසයි