ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට පාසල්, විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපනික ආයතනවලට යෑමට නොහැකි වී ඇතැයි යුනෙස්කෝ සංවිධානය අද (18) ප්‍රකාශ කළේය.
මේ අනුව මිලියන 850 කට වැඩි තරුණ ප්‍රජාවට එලෙස පාසල් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වී ඇත.
ලොව මෙතෙක් මුහුණ නොදුන් ආකාරයේ අභියෝගයකට මුහුණ දී ඇතැයි ද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රටවල් 102ක් එම රටවල පාසල් වසා දමා ඇතැයි ද එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික (යුනෙස්කෝ) සංවිධානය සඳහන් කළේය. තවත් රටවල් 11 අර්ධ වශයෙන් පාසල් හෝ විශ්වවිද්‍යාල වසා දමා ඇතැයි ද එම රටවල් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ඒවා වසා දමනු ඇතැයි ද යුනෙස්කෝ සංවිධානය සඳහන් කළේය.
‘‘ලොව පුරා දරු දැරියන් හා තරුණ තරුණියන් මිලියන 850කට වැඩි පිරිසකට ගෙවල්වල ඉන්න වෙලා. ඔවුන්ට පාසල් හෝ විශ්වවිද්‍යාලවලට යන්න විදියක් නැහැ. මේ ගණන ලෝකයේ ශිෂ්‍ය ජනගහනයෙන් හරි අඩක්’’ යැයි යුනෙස්කෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ සංඛ්‍යා දත්තා දිනෙන් දින වැඩි වන බව ද එම සංවිධානය සඳහන් කළේය.
‘‘ඉතා වේගයෙන් පාසල් සහ විශ්වවිද්‍යාල වැසෙමින් තිබෙනවා. මෙය අපි කවදාවත් මුහුණ නොදුන් තත්ත්වයක්. මෙය අප හමුවේ තිබෙන විශාල අභියෝගයක්’’ යැයි ද යුනෙස්කෝ සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
පාසල් වසා දැමීමත් සමඟ ඇතැම් රටවල් විඩියෝ තාක්ෂණය සහ ඉහළ තාක්ෂණික ක්‍රමවේද මඟින් අධ්‍යාපනය ලබා දීම ආරම්භ කර ඇත. ඇතැම් රටවල් රූපවාහිනි සහ ගුවන්විදුලි සේවා ඔස්සේ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් ගෙවල්වල
සනත් ඉතාලිය Wednesday, 18 March 2020 06:13 PM
ආන්ඩුවට ගුරු වර්ජනයට මුහුන දෙන්න බැරිව රටවල් 110ක පාසල් වහලනෙ බලන්න ජනාධිපති තුමාගෙ හැදියාව.
මුණසිංහ Thursday, 19 March 2020 01:36 AM
ශ්‍රී ලංකාවේත් දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන අධ්‍යාපනය හැදෑරීමට කාලය ඇවිත්. බොහෝ පුද්ගලික විශ්ව විද්‍යාල දැනටමත් ඒ ආකාරයට වැඩ. සමහර පාසල් තමන්ගේ වෙබ්පිටුව හරහාත් සිසුන් සමග සම්බන්ධ වෙනවා. fb සමග ඉන්න සිසුන් මේ ආකාරයට වෙනත් පැත්තකට යොමු කරගෙන අධ්‍යාපනය හැදෑරීමට දෙමාපියනුත් උත්සාහ ගත යුතුයි.