(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගීන් සඳහා වෙන්කර ඇති විශේෂ වාට්ටුවේ අද (24) උදෑසන වනවිට රුසියානු ජාතිකයකු ඇතුළු පස්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
27 හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතිකයා ඊයේ (23) මෙම විශේෂිත වාට්ටුවට ඇතුළත් කර ඇත.
ඔහු තායිලන්තයේ සිට මෙරටට සංචාරයක් සදහා පැමිණි අයෙකු වන අතර මිරිස්ස ප්‍රදේශයේ සිට රෝහල්ගත කොට ඇත.
ඉතිරි සිව්දෙනා ශ්‍රි ලංකිකයින් බව ද රෝහල් ප්‍රකාශකවරයා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd