IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්නපුර රෝහලේ වෛද්‍ය-හෙද-සුළු සේවක-රෝගීන් 14කට කොරෝනා


(අජිත්ලාල් ශාන්තඋදය)
 
රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ රෝගීන් නව දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද(30) පැවසුවේය.
 
වෛද්‍යවරු ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලය සම්බන්‍ධ කරගෙන ඊයේ(29) රත්නපුර ශීක්‍ෂණ රෝහලේ කළ අහඹු පීසීආර් පරීක්‍ෂණයක දී මෙම තොරතුරු අනාවරණය වූ බවද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
 
මෙම ත්ත්වය රත්නපුර මහ රෝහලේ සෙසු කටයුතු වලට කිසිදු බාධාවක් නොවන බවත් කී පළාත්  සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා ආසාදිත වූ සියලූ දෙනා වෙන්කර අවශ්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට උපදෙස් දුන් බව ද ඒ නිසා මහජනතාව අනියත බියක් ඇතිකර නොගයුතු බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා අවධාරණය කළේය.
 
රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඞ් වෛසරය ආසාදිතයන් හමුවීමේ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා මේ වනවිට ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් හතරකට සහ ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් පහකට සංචරණ සීමා පනවා ඇත.
 
රත්නපුර මහ රෝහලට ඇතුළත් කරන රෝගීන් අතරින් කොරෝනා රෝග ලක්‍ෂණ ඇති රෝගීන් හමුවු විට ඔවුන් රඳවා සිටින විශේෂ වාට්ටුවේ ප‍්‍රතිකාර ගන්නා රෝගින් 9දෙනෙක් මෙසේ ආසාදිත බව තහවුරු වී ඇති බව ද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සදහන් කළේය.මෙම අවස්ථාවේ අත්‍යවශ්‍ය කරුණකට හැර අනවශ්‍ය ලෙස තැන් තැන් වල සමූහ වශයෙන් එකතු නොවන ලෙස පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
 
රෝගී තත්ත්වයන් නොතිබුණද, උදේ සවස ලූණු මිශ‍්‍ර උණුවතුරෙන් උගුර සේදීම, වරින්වර උණුවතුර පානය කළ හැකිනම් එය වෛරසය ශරීරගත වීම වළක්වා ගැනීමට පිටිවහලක් වනු ඇති බවද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.කෝවිඞ් මර්දන එන්නත ඉදිරියේ දී ලැබුණත්  රෝගය වළක්වා ගතහැකි පුරුදු අනුගමනය කිරීමෙන් රෝගය පැතිරයාම වළක්වා ගැනීම කළ හැක්කේ පොදු ජනතාවගේ සහාය ඊට ලැබීමෙන් පමණක් බවද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.
 



අදහස් (1)

රත්නපුර රෝහලේ වෛද්‍ය-හෙද-සුළු සේවක-රෝගීන් 14කට කොරෝනා

මංගල Wednesday, 30 December 2020 05:06 AM

සුළු සේවක කියලා රැකියාවක් නැහැ. සේවකයින් කොටසකුත් නැහැ. ආකල්ප විනාශ කරන්න මාධ්‍ය සෑහෙන වැඩ කොටසක් කරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31557 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13916 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 160 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1085 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site