( තිළිණි ද සිල්වා )
කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් අද(16) සිට යළි දැනුම් දෙනතුරු යුරෝපයේ පිහිටි තවත් ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක කන්සියුලර් සේවා සැපයීම සීමා කිරිමට විදෙස් සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නොර්වේ ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වල කන්සියුලර් කටයුතු මෙලෙස සීමා කර ඇත .
මෙම රටවල අදාල බලධාරින් විසින් ගනු ලබන සංචාරක තහනම් කිරිමේ සහ ප්‍රවේශය සීමා කිරිමේ පියවරයන්වල දැඩි සීමාකාරි ක්‍රියා පටිපාටි සැලකිල්ලට ගනිමින් සහ මෙම රටවලින් ආරම්භ වන සියලු සංචාරයන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෑතක දී පනවා ඇති සංචාරක තහනම ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනම් තානාපති කාර්යාල මේවගේ හදිසි අවස්ථාවක නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා, වෙනදාට වැඩිය පුළුල් සේවයක් සපයන්න ඕනේ... හදිසි කරදරවලට මුහුණදෙන පුරවැසියන්ට සේවය සලසන්න ඕනේ... නමුත් මේ කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔය සංචාරක කටයුතු සීමා කළාම ගොඩක් දෙනෙක් දුරකථන මගින් තානාපති කාර්යාල වලින් විස්තර අහනවා , ඒවාට පිළිතුරු දෙන්න කවුරුහරි ඕනේ.., ඉදිරියට ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා නම්..., මේවගේ අවස්ථාවලදී දුරකථනවලින් ප්‍රශ්න අහන පුද්ගලයින්ට සුහදශීලිව කතාබහ කරලා තත්වය පහදලා දීම අත්‍යාවශ්‍ය දෙයක්...