IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මහනුවර ආසාදිත සෙබළු 5ක් අයි ඩී එච් රෝහලට යවයි

චමිල් රූපසිංහ

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුක්තව සිට මධ්‍යම පළාතට පැමිණි සෙබළුන් 123 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් අතරින් පස් දෙනෙකුට වයිරසය ආසාදනයවී තිබන බවත් හඳුනාගත් අතර සියලු දෙනා අයි.ඩී.එච් රෝහලට යොමු කළ බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පේරාදෙණිය රෝහලේ අද (27) පැවැති මාධ්‍ය සාකච්ජාවකදී මේ බව පැවැසිය.

නාවික සෙබළුන් මහනුවරට 77 දෙනෙකුත් මාතලේට 34 දෙනෙකුත් මාතලේට 12 දෙනෙකුත් පැමිණ සිටි බවත් ඒ අතරින් මහනුවරින් ආසාදිතයින් පස් දෙනෙකුත් මාතලෙන් එක් ආසාදිතයෙකුත් හඳුනා ගත් බවත් ඔවුන් සියලු දෙනාම නාවික හමුදා බාරයට ගැනිමට සියලු කටයුතු කර ඇති බවද ඒ මහතා කීය.

නාවික හමුදා සෙබලුන් නිවාඩු ලබා පැමින සිටින පෙදෙස්වල ජනතාව ඒ සම්බන්දව කිසිදු බියක් ඇති නොකල යුතු බවත් ඔවුන් සියල්ලම ආරක්ෂක හා සෞඛ්‍ය අංශ මගින් සියලුම ආරක්ෂාකාරි පියවරවල් ගෙන ඇති බවත් ඔවුන් ඇසුරු කල සමිපතයන් වලලු ආකාරයට සොයා බැලිම් කර ස්වයං නිරෝධායනයකට ලක් කරනු ලබන බවද ඒ මහතා පැවසුවේය.

මෙම හමුදා සෙබලුන් මේ තත්වයට පත්වි ඇතිතේ කොරෝනා රෝගින් ස්වයං නිරෝධායනයකට ලක් කිරිමට ගොස් ඇති අවස්ථාවේදි වෛරසය ආසාදනය විම බවත් එමනිසා ජනතාවට සේවය කිරිම සදහා ගොස් සිටි හා සිටින හමුදා සෙබලුන් දෙස කාරුනිකව හා ඔවුන්ට අපෙගේ කෘතවේදි බව පිළිගන්වන අතරම ඔවුන්ට උදවු කල යුතු බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.

වෛරස් ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් මේ සඳහා මධ්‍යම පළාතේ මහජන පරීක්ෂකවරුන් 178 දෛනකු රාජකාරියේ නියුක්තව සිටින බව මහනුවර දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සගමයේ සභාපති අසංක රාජපක්ෂ මහතා කීය.

පී.සී.ආර් පරීක්ෂණ සඳහා ආදළ පුද්ගලයින්ගෙන් සෙම පටල ලබා ගැනීම ඔවුන් පදිංචි ස්ථානවලදීම සිදුකරන බවද ඒ මහතා පැවසුවේය.



අදහස් (2)

මහනුවර ආසාදිත සෙබළු 5ක් අයි ඩී එච් රෝහලට යවයි

lahiru Monday, 27 April 2020 09:10 AM

කොහොමත් ලංකාවෙ ඉන්න කුහක මිනිසුනේ... කොච්චර හොද කළත් කිසිම අගයක්, වටිනාකමක් නැහැ. නේවි, ආමි, පොලිස් වෙවා... මෙ සියලුදෙනා වැඩකරන්නේ අපේ ආරක්ෂාව සදහා...

:       0       1

tv Monday, 27 April 2020 10:37 AM

නාවික සෙබළුන් මහනුවරට 77 දෙනෙකුත් මාතලේට 34 දෙනෙකුත් මාතලේට 12 දෙනෙකුත් පැමිණ සිටි බවත්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14044 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site