(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි සදහන් කරමින් මුහුණු පොතේ අසත්‍ය සටහන් තබා සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කළැයි මාලඹේ මැරයින් යුනිවර්සිටි ආයතනයේ පරිපාලන නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම තැනැත්තා ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජේ. ඒ. ඉෂාන් මනුජප්‍රිය නැමැත්තාය.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ඇතුළත් පුවරු නිර්මාණය කොට ප‍්‍රචාරය කිරීම පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව මෙම තැනැත්තා වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ. නිකම් ඉන්ඩ බැරුව කරන වැඩ.
මේ මනුස්සයා පරිපාලන නිලධාරියෙක් වුනේ අනිවාර්යයෙන්ම කාගේ හරි වැසිකිලියක් හෝදලා හෝ වෙනත් කෙනෙක් වෙනුවෙන් මිනියක් මරලා ...වැනි සමාජ විරෝධී වැඩක් කරලා " මාෆියා" ගෙන් සුදුසුකම් ලබලා බව ඔහුගේ ක්‍රියාකාරකම් වලින්ම පෙනෙනවා. මෙවැනි විකුර්ති මානසිකත්වයකින් යුතු මානසික රෝගීන් අනාගතයේදී මීටත් වඩා සමාජ විරෝධී වැඩ කලහැකිනිසා ...නීතිමය ක්‍රියාමාර්ගයකින් පසුවත් සැහෙන කලක් මානසික රෝහලක නේවාසිකව තබාගෙන ප්‍රතිකාර කලයුතුයි. එසේ නොකලොත් මොහු " කොරෝනාව"ටත් වඩා භයානක " රෝගයක්" වියහැක. අවාසනාවකට මෙවැනිම අසත්‍ය ප්‍රකාශ කරපු දේශපාලුවන් දෙන්නෙක් තවමත් නිරුපද්‍රිතව සිටිමින් මාධ්‍යවේදින්ටත් තර්ජනය කරනවා මම දැක්කා.
කොරෝන වෛරසයෙන්ම වැලිගම් යන්නද හදන්නේ...?
හොද වැඩෙ... අපේ මිනිස්සු ඇහෙන් දැක්කා වගේ බොරු මවනවා...
මේ වගේ අයව සමාජයට මුදාහරින්න නරකයි. අනික මස් කඩයක් පැත්තේ එහෙම යවන්න එපා. මොලයක් තිබුනානම් මේ වෙලාවේ ඔය වගේ දෙයක් කරාවිද?
දේශපාලන විරුද්ධවාදීන්ගේ ප්‍රතිරූප විනාශ කරමින් බොරු පෝස්ට් හදලා ජනතාවගේ ඔලු වෙනස් කරන අයවත් අත්අඩංගුවට ගන්න