(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි සදහන් කරමින් මුහුණු පොතේ අසත්‍ය සටහන් තබා සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කළැයි මාලඹේ මැරයින් යුනිවර්සිටි ආයතනයේ පරිපාලන නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම තැනැත්තා ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජේ. ඒ. ඉෂාන් මනුජප්‍රිය නැමැත්තාය.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ඇතුළත් පුවරු නිර්මාණය කොට ප‍්‍රචාරය කිරීම පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව මෙම තැනැත්තා වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුහුණපොතේ අසත්‍ය තොරතුරු පළ කළ අයෙක් රිමාන්ඩ්
කපුරුහාමි Wednesday, 25 March 2020 11:14 AM
හොඳ වැඩේ. නිකම් ඉන්ඩ බැරුව කරන වැඩ.
විජිත් Wednesday, 25 March 2020 11:42 AM
මේ මනුස්සයා පරිපාලන නිලධාරියෙක් වුනේ අනිවාර්යයෙන්ම කාගේ හරි වැසිකිලියක් හෝදලා හෝ වෙනත් කෙනෙක් වෙනුවෙන් මිනියක් මරලා ...වැනි සමාජ විරෝධී වැඩක් කරලා " මාෆියා" ගෙන් සුදුසුකම් ලබලා බව ඔහුගේ ක්‍රියාකාරකම් වලින්ම පෙනෙනවා. මෙවැනි විකුර්ති මානසිකත්වයකින් යුතු මානසික රෝගීන් අනාගතයේදී මීටත් වඩා සමාජ විරෝධී වැඩ කලහැකිනිසා ...නීතිමය ක්‍රියාමාර්ගයකින් පසුවත් සැහෙන කලක් මානසික රෝහලක නේවාසිකව තබාගෙන ප්‍රතිකාර කලයුතුයි. එසේ නොකලොත් මොහු " කොරෝනාව"ටත් වඩා භයානක " රෝගයක්" වියහැක. අවාසනාවකට මෙවැනිම අසත්‍ය ප්‍රකාශ කරපු දේශපාලුවන් දෙන්නෙක් තවමත් නිරුපද්‍රිතව සිටිමින් මාධ්‍යවේදින්ටත් තර්ජනය කරනවා මම දැක්කා.
Raveedra Wednesday, 25 March 2020 11:43 AM
කොරෝන වෛරසයෙන්ම වැලිගම් යන්නද හදන්නේ...?
Prabha Wednesday, 25 March 2020 11:56 AM
හොද වැඩෙ... අපේ මිනිස්සු ඇහෙන් දැක්කා වගේ බොරු මවනවා...
jayath Wednesday, 25 March 2020 12:14 PM
මේ වගේ අයව සමාජයට මුදාහරින්න නරකයි. අනික මස් කඩයක් පැත්තේ එහෙම යවන්න එපා. මොලයක් තිබුනානම් මේ වෙලාවේ ඔය වගේ දෙයක් කරාවිද?
RaveendraWednesday, 25 March 2020 01:08 PM
සහතික ඇත්ත වචනයේ අර්ථයෙන්ම මොහු දේශත්ද්‍රෝහියෙකි. මොහුට අපගේ මාතෘබුමියේ ජීවත්වීමට කිසිදු අයිතියක් මින් ඉදිරියට නොමැති බැවින් පල්දෝරු වලක " ගිල්ව මරාදැමිය " යුතු යන්න අප ප්‍රසිද්ධියේම සදහන් කරන්නෙමු.
ජනක Wednesday, 25 March 2020 12:18 PM
දේශපාලන විරුද්ධවාදීන්ගේ ප්‍රතිරූප විනාශ කරමින් බොරු පෝස්ට් හදලා ජනතාවගේ ඔලු වෙනස් කරන අයවත් අත්අඩංගුවට ගන්න