(විනීතා එම් ගමගේ
ඉවතලන මුහුණු ආවරණ ඉදිරියේ දී විශාල පරිසර ප්‍රශ්නයක් බවට පත්වීමේ ඉඩකඩක් ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ලංකාදීපයට පැවැසීය.
විශේෂයෙන් දැනට භාවිතා කරන මුහුණු ආවරණ අති බහුතරයක් එක්වරක් පමණක් භාවිතා කර ඉවතලන ඒවා බැවින් මෙම ගැටළුව වඩාත් බරපතල වන බව ද ප්‍රදීප්කුමාර මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිටත් ඉවතලන මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් පරිසරයේ තැන තැන දමා තිබෙනු දැකිය හැකි බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා සාමාන්‍ය කසල සමග එක්වීමට නොදී මෙම මුහුණු ආවරණ ඉවත් කිරීමේ ක්‍රමයක් තිබිය යුතු බව ද පැවැසීය.
නිවාස මට්ටමින් භාවිතා කර ඉවතලන මුහුණු ආවරණ පිළිස්සීම හෝ සෞඛ්‍යාරක්ෂිත අන්දමින් ඉවතලීම සිදුකළ යුතු බව ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අදාල අංශ කටයුතු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
එසේ නොවුන හොත් වැසිකාලය සමඟ පරිසරයේ ඇති ඉවතලූ මුහුණු ආවරණ ජල ධාරාවන්ට එක්ව මුහුදු ජලයට එක්වීමත් ඉන් අනතුරුව ඒවා මුහුදු වෙරළට එක්වීමත් සිදුවනු ඇතැයි ඔහු කියා සිටයේය.
මේ වනවිටත් යුරෝපා රටවල් රාශියක් වෙරළ තීරයන් විනාශ වී ඇති බව ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණු ආවරණ පරිසරය තුල මුදාහැරීම තහනම් ...!!! තමන් තමන්ගේ මුහුණු ආවරණ පුළුස්සා දැමිය යුතුයි.. ! මුහුනු ආවරණ පරිසරයට මුදාහැරීම ... දඩමුදල් සහ සිරදඬුවම් ලැබියහැකි බරපතල වරදක් ... !
මේ කොරෝනා ප්රශ්නය නිසා අලුත් පරිසර පිස්සෝ ටිකක් එළි බැහැලා තියෙනවා.
කොහෙ තියෙන වෙරළක් ගැනද කතා කරන්නේ ?
මොකද දන්නේ නැහැ එක්වරක් විතරක් පාවිච්චි කරන්නේ? පොතේ හැටියට එක්වරක් කිව්වට අපිරිසිදු වෙලා නැතිනම් අව්වේ එල්ලලා දින තුනක් හතරක් තියල නැවත භාවිත කරන්න පුළුවනි. මොකද කොරෝනා වයිරසය ඒ කඩදාසි මතුපිටේ රැඳෙන කාලසීමාව පසුවුනම වැඩ ඉවරයි. එහෙමත් නැතිනම් අර අත් සෝදන ක්ලෝරීන් දියරය එකට ස්ප්‍රේ කරලා පස්සේ අව්වේ වෙලගන්නත් පුළුවනි නේද? හැබැයි කුණු වීලා නම් කරන්න දෙයක් නැහැ.
ලංකවේ හැම පාරක්, කාණුවක්, පිට්ටනියක බහුලව දකින්න ලැබෙන්නේ පොලිතින් බැග්, ප්ලාස්ටික් වතුර බෝතල් කියන එක වරක් පාවිච්චි කරලා ඉවතන අපද්‍රව්‍ය , මේවා මෙච්චර කල් මේගොල්ලෝ දැක්කේ නැත්ද ?