(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 15ක් අද දිනයේදී වාර්තා වූ අතර ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 801 ක් දක්වා ඉහළ ගියේය.
බණ්ඩාරගම පදිංචි 52 හැවිරිදි කාන්තාවක්, අම්පිටිය ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, ගණේමුල්ල ප්‍රදේශයේ 46 හැවිරිදි පිරිමි අයෙක්, රාගම පදිංචි 72 හැවිරිදි කාන්තාවක්, කුලියාපිටිය ප්‍රදේශයේ 56 හැවිරිදි පිරිමි අයෙක් සහ 62 හැවිරිදි කාන්තාවක්, බිබිල ප්‍රදේශයේ 59 හැවිරිදි පිරිමි අයෙක්, ගල්කිරියාගම ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක්, පස්සර ප්‍රදේශයේ 74 හැවිරිදි අයෙක්, වස්කඩුව ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, නෑබොඩ ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක්, බෝඹුවල ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, නාවුත්තුඩුව ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක්, කොළඹ 07 ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමි අයෙක් සහ මඩොල්කැලේ ප්‍රදේශයේ 57 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.
මේ අතරින් මරණ 14 කටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ලොක් ඩවුන් කල යුතුමයි දේශපාලකයින් ගැන පුදුම කලකිරීමක්