(කාංචන කුමාර ආරියදාස)
මියගිය පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව සියම් මහා නිකායේ රන්ගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය නාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ පවසති.
ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා මහමැතිවරණය කල් දැමීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බවත් නාහිමියෝ කීහ.
රංගිරි දඹුළු විහාරස්ථානයේ දී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමග කතාබහ කරමින් සිටියදී පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳව රටේ ගොඩනැගී ඇති ජනමතය පිළිබඳව තම අදහස් පළ කරමින් අද( 27 ) දින පෙරවරුවේ මේ බව පැවසූහ.
වැඩිදුරටත් කරුණු දක්වමින් සිටී ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියෝ මෙසේද කීහ.
මැතිවරණයක් පැවැත්වීම යනු ජනතා පරමාධිපත්‍යක් ජතාවගේ ආරක්ෂාව ජනතාව පාලනය කිරීම ජනතාවගේ මුදල් හදල් වෙන් කිරීම ආදී සියලු කරුණු ජනතාව පරමාධිපත්‍යය තුළින් සිදුවනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා මේ අවස්ථාවේ මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය හිමි වෙනවා.
පසුගිය පාර්ලිමේන්තුව කැඳවීමට උත්සාහ දරන පිරිස් ඔවුන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා වෙහෙස දරනවා.
කෙසේ හෝ මියගිය පාර්ලිමේන්තුවට නැවත පණදීමට කිසිසේත් අවශ්‍යතාවයක් නැහැ.
රට තුළ පවතින වසංගත තත්වය පාලනය කිරීම සියලුදෙනාගේම වගකීමක්.
දේශපාලන අරමුණු පසෙක දා සියලු දෙනා එක්ව රට ගැන සිතා කොරෝනා වෛරසය පැරදවීම සිදුකළ යුතුයි.
එසේ නොමැතිව වෛරසය ඉදිරියේ තබාගෙන පටු අරමුණු ඉටු කරගැනීම වෙනුවට ජනතාව ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම ජනතාව ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීම බව ද උන්වහන්සේ පැවසූහ.
ජනාධිපතිවරයාට බලය ඇත්තේ පරණ පාර්ලිමේන්තු කැදවීමට නොව අලුත් පාර්ලිමේන්තුව කැදවීමට බවත් බොලද නීති පෙන්වා දෙන පිරිස් ආණ්ඩුක්‍රම විවස්තාව නිසි ලෙස කියවා තේරුම් ගතයුතු බව පැවසුහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉනාමලුව කියන්නේ අධිකරණයෙන්ද? වෙන්න ඉන්න අගමැතිද වෙන්න ඉන්න ජනාධිපති කෙනෙක්ද? කියන එක මට ඇති ප්‍රශ්නේ. මේ සංග සමාජෙට හෙට අනිද්දා පොරවාගෙන ඉන්න සිවුර හිමි බුදුන් ගේ මංගල්‍ය මෙතරම් ඉක්මනට අමතක ඇයි? මෙ ගැන කථා කරනවද? පව් කාරයෝ.... පාර්ලිමෙන්තුවකට පණ තියනවා. මැරෙනවා... මේ මොන සිංහලද?
මෙ අර කණ්ඩල හෝටලේ හැදුවොත් ගිනි තියාගන්නෝ කියපු කහපාට රෙද්දක් ඇදගත්ත කෙනා නේද?
නෙල්සන් මැන්ඩෙලා අලුත් පාර්ලිමෙන්තුවට එන්නේ නැහැ... ඉන්න 225 ආයෙත් නාමයෝජනා දීලා තියෙනවා. අඩුම ගානෙ 200ක් වත් එයි. එහෙම බලනකොට තිබුණ එකයි, අලුත් එකයි අතර වෙනසක් නැහැ...
එතකොට පරණ මළමිනී ගෙනාවට කමක් නැද්ද?
මෙම වැදි බණ දේශනාව... කණ්ඩලම හදද්දී විරුද්ධ විරුද්ධ වෙලා කරපු බොරුව අපිට මතකයි...
ගරුතර හාමුදුරුවන් වහන්සේලා මෙවැනි තමන්ට අදාල නොවන දේ ගැන වදාරන්නේ නැතිව ඉන්නවා නම් තමයි වඩා සුදුසු. කරුණාකර දේශපාලන තීරණ ගැනීමට දේශපාලකයන්ටම ඉඩ දෙන්න.
යලිත් වරක් කල එලි බැහැල නේද? බිලියන ගණන් සල්ලි තියෙනවා පන්සලෙන් ගත්තු... දැන් විකාර කියවනවා.
කිව යුත්තේ වියවස්ථාවට එකගව කටයුතු කල බව පමණි. ආටා ටීකා උවමනා නැත.
ඔය නායකකම්.. පණ්ඩිතකම් පැත්තකින් තියල, විහාරස්තානවල සිද්දවෙන බාලවයස්කාර හිරිහැරයන් ගැන කතා කරලා හිටිමුද..?
එක තීරණය කරන්නේ කුනුවෙච්චි දේශපාලකයෝවත්, පිරිහිච්චි හාමුදුරුවරු වත් නෙමේ උන්නාන්සේ. අධිකරණය.. අධිකරණය.. මොකද බල්ලාගේ වැඩේ බුරුවට කරන්න බෑ නේ නේද?
මම බෞද්ධයෙක්. අපි සියලුම බෞද්ධ භික්ෂූන්ට ගරු කරනවා. නමුත් උන් වහන්සේලාට දේශපාලන දැක්මක් අවශ්‍ය නැහැ. අවාසානාවකට මේ දිනවල සීයට 95 ක් වගේ හාමුදුරුවරුන්ගේ හැසිරීම සියලු දෙනා දන්නවා. ඔවුන් හිතනවා ඔවුන් සියලු දේ දන්නවා කියලා. එමනිසා ඔවුන් හැමදේම විවේචනය කරනවා. නමුත් සැබෑ සත්‍ය ඔවුන් බොහෝ දේ ගැන දන්නේ පොඩි ප්‍රමාණයක්.ඔවුන් නීතිය පිළිබඳව දන්නේ නෑ. එමනිසා හොදම් දේ රජයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අවවාද දිය යුතුයි.
මියගිය පාර්ලිමේන්තුව ආදාහනය කිරීමට මේ කොරෝනා නිසා බැරිඋනා. කවදා හෝ පවත්වනවිටදී අපි ඒ ආදාහනය කරන්නම්.පාංශුකූලේ දෙන්න වටින්නේ නැති ආණ්ඩුවක් තිබුනේ. ටොපියක් වගේ දෙකොන ගැටගසා ගිනිමැලයට දැම්මානම් තමයි හොඳ. සිංහල බෞද්ධ චන්ද ටික එය කරාවි.
මියගිය් පාර්ලිමේන්තුව නැවත ආවොත්, මගේ පින් පෙට්ටියට මොකද වෙන්නේ ?
බුද්ධ පුත්‍රයකුට අවශ්‍ය දේද මේ ?දර්ශනයට නිගරු නොකට වෙන ජීවන මාර්ගයක් සොයා ගත්තොත් නරකද?
මෝඩකමයි, නූගත්කමයි එකට බැඳුනම මේ වගේ බක පණ්ඩිත කතා කියලා ජනතාව හිනස්සන එක සාමාන්‍ය දෙයක්. ව්‍යවස්ථාවක් ඇහැට දැකලා වත් නැතිව මෙතන බහුභූත දොඩවනවා. දේශපාලකයින්ගේ කරපිටින් දිව්‍ය ලෝකෙට යන්නනේ මේ දඟලන්නේ....
සියලුම ස්වාමීන් වහන්සේලා වෙත කාරුනිකව සිදු කරන ආයාචනයයි. මේ රටේ මිනිස්සු ස්වමීන්වහන්සේලා දේශනා කරන දේ පිළිගන්නේ උන්වහන්සේලා කොතරම් සිල්වතුන් ද යන්න මත පමණයි. එසේ නොමැතිව දේශපාලනය (ඕනෑම දේශපාලන පක්ෂයකට පක්ෂග්‍රාහී ලෙස) හිසේ දරාගෙන නිකුත් කරන ප්‍රකාශ පිළිගනු ලබන්නේ යම් පක්ෂයක අය පමනි. එයින් රටට ප්‍රයෝජනයක් අත් නොවේ. එවැනි ක්‍රියාවලින් හානි වන්නේ බුද්ධ දේශනාවටයි. සිවුරු දරා සිටින ඔබ වහන්සේලා බුදුන් වදාල ධර්මය අනුවම ක්‍රියා කරන්න. රටට දැයට ආගමට අවැඩක් නොවන්නේ එවිට බව සිතට ගන්න. අපට (සියලුම පක්ෂ වල අයට) වන්දනාමාන කළ හැකි ලෙස ස්වාමීන් වහන්සේලා ක්‍රියා කරනු ඇතැයි සිතමි.
කොරෝනා වසංගතය මුවාවෙන් ඇතැම් අය තම දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීමටයි උත්සාහ දරන්නේ. ඒ අයට හදිසියේ ම මේ රෝගය උත්සන්න වීම තුළින් ලබන්නේ කුහක සතුටක්... සෞඛ්‍ය අංශ දිරිමත් කරනු වෙනුවට කරන්නේ අධෛර්යය කිරීම් ය. සංඝයා වහන්සේලා ඉදිරිපත් වීම නම් කාලෝචිත දෙයකි.
අපට මියගිය පාර්ලිමෙන්තුවක් අවශ්‍ය නැත...
අනේ හාමුදුරුවනේ, මොනවා දනගෙනද මේ දොඩවන්නේ? කාටවත් වලිගෙ වනන්න යන්නේ නැතුව මහණකම රැකගත්තා නම් සාසනේට හොඳයි නේද? එහෙම නැත්නම් සිවුර පැත්තකින් තියල කෙලින්ම දේශපාලනේට බහින්න.
හිට්ලරුත් ඉස්සරවෙලාම කරේ පාර්ලිමේන්තුව ගිනි තැබීම කියන එක හාමුදුරුවෝ දන්නේ නැහැ වගේ.
අවසර, නිගරුවකට නොවෙයි මෙම සටහන යොදන්නේ. මෙකී ස්වාමීන් වහන්සේට ව්‍යවස්ථාව පිළිබද නිසි අවබෝධයක් නොමැති බව පෙනෙනවා. ජනපති ගෝඨාභයට මෙම පාර්ලිමෙන්තුව කැදවන්න කිසිදු බාධාවක් නැහැ. එයට සම්පූර්ණයෙන්ම ඔහුට බලය තිබෙනවා. සහ ඔහුගේ අභිමතය පමණක් සිදුවීම හෝ නොවීම තිරණය වන දෙයක්. මෙම අවස්ථා පවතින ලොකුම ගැටලුව 30 වැනිදායින් පසුව නෛතික ලෙස ජනතාවගේ අරමුදල් පරිශීලනය කරන්නට රජයට හැකියාවක් නොමැති වීම. එම අවසරය නෛතික ලෙස ලබාගැනීමට තිබෙන හැකියාව ගැන මම හිතන්නේ ජනපතිවරයා අවධානය යොමු කිරීම වැදගත්. අන්න ඒ ගැන පුලුවන් නම් ඔහුට මාර්ගෝපදේශනයක් දෙන්න.... මා දුටුවා ඇතැම් ස්වාමීන් වහන්සේලා ඒ ගැන අදහස් දක්වා තිබෙනවා...
හාමුදුරුවොත් ඉතින් දන්නේ නෑවගේ ඉන්නේ, ජනාධිපති පැහැදිලිවම කියල තියෙනවා ඡන්දේ ඕන පරණ පාර්ලිමේන්තුව ආයේ ගේන්නේ නෑ කියල, ඒත් ඇයි හාමුදුරුවෝ කියන්නේ ඡන්දේ එපා පාර්ලිමේන්තුවත් එපා කියල..., ඒකාධිපතියෙක් එනවාට ආසා වෙලාද? හාමුදුරුවනේ රජකාලේ මානසිකත්වේ අතඅරින්න. බුදුහාමුදුරුවොත් විශිෂ්ඨම පාලනයක් තියෙනවා කිව්වේ අධික බලයක් තියෙන රජවරුන්ගේ පාලනයටද? නැත්නම් ලිච්ඡවී පාලනයද? දැන් වෙලා තියෙන්නේ හාමුදුරුවෝ වත් බුදුබණ විශ්වාස කරන්නේ නැති එක. අපිට ඡන්දය ඕන, එත් ඡන්දයක් තියන්න බැරි නම් පරණ පාර්ලිමේන්තුව හරි ඕන, මහජනයාගේ අදහස පෙන්වන්නේ, රාජ්‍ය පාලනයේදී යම් තරමකින් හරි බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවෙන් විතරයි... පසුගිය ජනාධිපති බලයෙන් උමතු වෙලා පිස්සු නැටුවා අමතකද?
හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය හැර අනිත් හැමදේම දන්නවා. අනේ කාලේ වනේවාසේ කිව්වලු...
හාමුදුරුවනේ , පාර්ලිමේන්තුව මියගියේ නෑ. නියම වයසට පෙර තමන්ගේ බලය තහවුරු කරගැනීමේ පටු උවමනාවට මරා දැමුවා. ඒක වෙනම දෙයක්. මම බෞද්ධයෙක්. ඔබවහන්සේලාගේ කාර්යය බුදුදහම රැකීමයි. සිව්පසය දෙන්නේ සියලු පක්ෂ වලට චන්දේ දෙන පිරිසයි. ඔබ වහන්සේලා එක පක්ශයකට කතා කරද්දී අනික් පක්ෂ වල අය කළකිරෙනවා.
මේ ජාතියේම, දර්ශනයේම අවසාන කාලයද...?
හාමුදුරුවන්ට මතක් කරන්න ඔින අපේ පාර්ලිමෙන්තුව මිය ගියේ ජේ.ආර්.ගේ විධායක බලයත් සමගයි බොහෝ හාමුදුරුවරු එදත් කළේ දේශපාලන අපරාධකාරයින්ට පිරිත් නුුල් ගැට ගසා උන්ව සුද්ද කල එක... අද කරන්නෙත් එ්කමයි..
රටේ නීතිය කුමක්දැයි කියා ව්‍යවස්ථාව නම් වූ ලියකියැවිල්ලක් ඇත. ඒ අනුව රටේ පාලනය ගෙනයාමට පාලකයෝ සිටී. ඔබ වහන්සේලා ඔබ වහන්සේලාගේ වැඩක් බලාගතහොත් හොද යැයි මට හැගේ. පෙර රජවරු භික්ෂූන් වහන්සේලාගෙන් අවවාද උපදෙස් ලබා ගත්තා. ඒකල ඒ භික්ෂූන් බණ භාවනා කරමින් සිත දියුණු කරමින් කෙලෙස් මග හරමින් නිවන් මග උදෙසා වැඩි සේක. එවන් භික්ෂූන්ගෙන් රාජ්‍ය පාලනය උදෙසා උපදෙස් ලබා ගත්තාට කම් නැත. මන්ද ඔවුන් තම අධ්‍යාත්මික බලයෙන් ඉතා දුර දක්නා නුවනක් තිබූ හෙයිනි. දැන් භික්ෂූන් බොහෝමයකට එවන් දෑ නොමැත. ඔවුන් විවිධ වූ කෙලෙස් වල තැවරමින් ගිහියන්ට වඩා කාම ලෝකයක ජීවත් වේ. දේශපාලනය උදෙසා උපදෙස් දීමට පොර කන්නේද එවැනි අය වේ. එබැවින් ඔවුන්ගේ උපදෙස් අනවශ්‍ය වේ. ජනතා පරමාධිපත්‍ය බලයෙන් ගොඩ නැගුනු ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට බලය ඇත්තේ උත්තරීතර අධිකරණයට පමණි. එය රූපවාහිනී නාලිකා වල බෙරිහන් දෙන දේශපාලුවන්ටවත්, නීතීඥවරුන්ටවත්, භික්ෂූන් සදහාවත් අයිතියක් නැත. එබැවින් ඔබ සියලු දෙනා පසෙකට වී සිටින්න.
රටට බලපාන මෙවැනි අර්බුද විසදා ගැනිමට තමයි රටෙ අධිකරනයක් සහ නිති පද්දතියක් තියෙන්නෙ..., මහානායකවරුන්ගෙන් විමසන්න මෙක බුද්ධාගම පිලිබද කරුනක් නොවෙ...
හාමුදුරුවනේ, අපිට පව් දෙන්නේ නැතුව පුලුවන්නම් ධර්ම සංගායනාවක් කැඳවන්න. ඔය සිවුරු වල තියෙන ජරාව අයින් කරගෙන, ධර්මාවබෝධය ඇතිකරගෙන අපිටත් සසරින් එතෙරවන්න නායකත්වය දෙන්න. කුණු දේශපාලුවන් එක්ක ඉන්නේ නැතුව.
රට වෙනුවෙන් මෙලෝ වැඩක් නොකර දැන් එනවා නොදන්න මගුල් ගැන කතා කරන්න. එක්කෝ පිස්සූ එක්කෝ හැටි. නීතිය ගැන දැනුම තියෙන දක්ෂ අය කියන ඒවා අනුව වැඩ කරන්න ජනපතිතුමා. නැත්නම් වෙන්නේ අර පොළොන්නරුවේ මනුස්සයා ජෝකර් කෙනෙක් වුනා වගේ දෙයක් මේ වගේ නූගතුන් කියන ඒවා අහන්න ගියොත්
දරමින් කසාවත බණ දහමින් සිටින හිමිවරු නීති නොදනිති උපරිම ලෙසින සමගිය උවමනාවෙන් යන මේ ගමන මැති සබයකදී හමුවීමෙන් වෙයි සහන
සංඝ ව්‍යවස්ථාවේ තියෙන දේ දන්නෙ නැති මේ අය පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ ගෑන ලොකු ටෝක් දෙනවා. සංඝ සභාව ඇතුළු ශාසනේටම කෙළවෙලා. බුදු දහම විකෘති වෙලා තියෙන මේ අවස්ථාවේ පාර්ලිමෙන්තුව අමතක කරලා තමන් සංඝ නායකයෙක් කියලා හිතාගෙන ඒ ගෑන වැඩ කරන්න.
හාමුදුරුවෝ වෙසක් එකට මොකද කරන්නේ ?
මියගිය පාර්ලිමේන්තුව කැදෙව්වොත් වෙනදේ ජනාධිපතිතුමා දන්නවා. කවුරුවත් එතුමාට වැදිබණ කියන්න ඕනේ නෑ.
උතුරු කොරියාවේ මෙන් එක පවුලකට හෝ පුද්ගලයන් අතළොස්සකට බලය ලැබෙන ඒකාධිපති පාලනයක් අපට අවශ්‍ය නැහැ.එකේ ප්‍රතිඵල භයානකයි.