
බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයෙන් එල්ල විය හැකි අවදානම සලකා බලමින් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ බලධාරීහු අද (22) පියවර ගත්හ.
ඉන්දියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.
යුරෝපයේ හෝ මැදපෙරදිග සිට පැමිණෙන සියලු මගීන් මුම්බායි ගුවන් තොටුපොළේ දී නිරෝධායනයට යොමු විය යුතු බවත් ඔවුන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු විය යුතු බවත් ගුවන් තොටුපොළ බලධාරීහු කීහ.
එමෙන්ම ආසියාවේ විශාලම මුඩුක්කුවලින් එකක් පිහිටා ඇත්තේ ද මුම්බායි නුවර ය.
මේ අතර ගුවන් ගමන් අත්හිටුවීමට පෙර බ්‍රිතාන්‍යයේ සිට මගීන් රැගත් ගුවන් යානයක් මුම්බායි වෙත ළඟා වූ බව ද ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබිණි.
(ඒ.එෆ්.පී.)
- 055
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd