(ඩයනා උදයංගනී)
මේ වන විට වසා දමා ඇති පිටකොටුව මැනිං වෙළදපල අනිද්දා (29) සිට යළි විවෘත කිරීමට නියමිතය.
කොරෝනා වසංගතයෙන් ආරක්‍ෂාවීමට අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් මැනිං වෙළදපලෙහි කටයුතු යළි ආරම්භ කර පවත්වාගෙනයාමට කටයුතු යොදා ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළද සමිතියේ ලේකම් රොෂාන් කුරේ මහතා පැවසීය.
විශේෂයෙන්ම දෛනිකව මැනිං වෙළදපල වෙත පැමිණෙන පිරිස හා වාහන ප‍්‍රමාණය අඩුකිරීමේ සැලසුමක් ද මේ වන විට සකස් කර ඇතැයි ලේකම්වරයා සදහන් කළේය.
මැනිං වෙළදපල තුළ කටයුතු කිරීමේදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර ඇති අතර මුහුණු ආවරණ නොපැළදි කිසිවෙකුටත් එයට ඇතුළුවීමට ඉඩ නොදෙන බව ද රොෂාන් කුරේ මහතා කීවේය.
එමෙන්ම එයට ඇතුළුවීමේදී දෑත් පිරිසිදු කරගෙන පැමිණීමට පහසුකම් සලසා ඇති අතර පිරිස අතර මීටරයක පරතරයක් පවත්වාගනිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නිරන්තර දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීවේය.
එමෙන්ම මීට පෙර පස්වරු කාලයේදී විවෘත කෙරුණු ආර්ථික මධ්‍යස්ථාන ද උදෑසන 7.00 සිට විවෘත කර තැබීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව මෙතෙක් පස්වරු 2.00 සිට රාත‍්‍රී 12.00 දක්වා පමණක් විවෘත කර තැබුණු ආර්ථික මධ්‍යස්ථාන මේ වන විට උදෑසන 7.00 සිට දහවල් 12 දක්වාත් විවෘත කර තැබීම සිදුවේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මැනිං වෙළඳපළ අනිද්දා විවෘත කෙරේ
අමරපාල නන්දසිරි Monday, 27 April 2020 03:16 PM
සුපර් මාර්කට් කරන නින්දිතවූ ගසාකෑම ගැන දුරකථනයෙන් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කිරීමේදී ඉතා විශාල ලෙස බොරු ගණන් අය කරමින් අපව සූරා කනු ලබයි. මෙම තත්වය බොහෝ සුපර් මාර්කට් වලද ඵකසේ සිදුකරමින් පවතී වගකිවයුතු බලධාරීන් වහා මේ ගැන අවධානය යොමුකල යුතුවේ.....