IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මැතිවරණය පැත්තකින් තියා කෝවිඩ් 19 පරදවන්න

(සිරංගිකා ලොකුකරවිට) 
 
මැතිවරණය සඳහා දිනයක් තීරණනය කරනතුරු අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා නොදෙන බවත් පක්ෂ සහ අපේක්ෂකයන් සියලුම ආකාරයේ ප්‍රචාරක කටයුතු නවතා කොවිඩ් - 19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
 
'' මේ වෙලාවේ අපි සැවොම එකතු වෙලා කරන්න අවශ්‍ය එකම දේ කොවිඩ් සතුරා පරාජය කරන එක. ඒ් වගේම ජනතාවට විවිධ බෙදා හැරීම් හරහා කෙරෙන වක්‍ර ප්‍රචාරද, ජනමාධ්‍ය හරහා කෙරෙන ප්‍රචාරද මේ අවස්ථාවේ දී නොකර සිටින ලෙසත් අපි ඉල්ලා සිටිනවා." මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
 
මහා මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම සළකා බැලීම පවා කරනු ලබන්නේ කල්තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කර මාසයකට පසුව එනම් ලබන අප්‍රේල් මස 20 වැනි දිනය පසුවී බව ද හෙතෙම පවසයි.
 
මැතිවරණ දිනය කල් තැබීමට අදාල ගැසට් නිවේදනය අංක 2157/19 යටතේ 2020 මාර්තු 21 වැනි දින නිකුත් කර ඇත.



අදහස් (2)

මැතිවරණය පැත්තකින් තියා කෝවිඩ් 19 පරදවන්න

කල්පනා Sunday, 22 March 2020 12:38 PM

සභාපතිතුමා කොවිඩ් ඇතිවුනේ මාර්තු මාසයට පෙරනේද? පාර්ලිමේන්තුව විසුරුවීමට තිබුනේද මාර්තු මාසේ නොවෙයි නේද? කොවිඩ් නිසා පාර්ලිමේන්තුව විසිරවීමකින් තොරව තිබුනා නම් මෙම තත්වය ඇතිනොවන බව වැටහුනේ නැද්ද?. පුද්ගලික වාසිතකා රාජකාරි හුවමාරු කරන්න එපා කියන්නේ රජයේ සේවකයින්ට පමණද?

:       1       0

ප්‍රසාද්Sunday, 22 March 2020 02:38 PM

පාර්ලිමේන්තුව විසිරවිම නිසා විශාල මුදලක් ඉතිරි විය. මන්ත්‍රී 225 ට පඩිදීමට සහ අලුතෙන් පෙන්ෂන් යාමට බලා සිටියත් අවුරුදු 5 සම්පුර්ණ නොවූ අයට ජිවිත කාලයටම ගෙවන්නට තිබු අනවශ්‍ය මුදල් කන්දරාව ඉතුරු විය . ජනාධිපති සහ කැබිනට් එක රට ගැන බලාගනියි . ටික කලකට 225 අවශ්‍ය නැහැ .මේ පුංචි රටට 225 ලොකු බරක් .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site