එෆ්.අස්ලම්
කොවිඩ් 19 වසංගත තත්වය සහමුලින්ම පාලනන කරන තෙක් මහ මැතිවරණය පැවැත්වීම නුසුදුසු වගකීම් විරහිත භයංකර ක්‍රියාවක් බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය පවතින තත්වය හමුවේ මැතිවරණය නොපවත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීයි.
වත්මන් තත්වය මැද මැතිවරණයක් පැවැත්වීම මහජන ආරක්ෂාවට විශාල තර්ජනයක් වනු ඇති බවත් දේශීය හා ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් වසංගත තත්වයෙන් ආරක්ෂා කරගත් බව සනාථ කරන තෙක් මැතිවරණයක් කරා යා යුතු නැති බවත් පෙන්වා දෙයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් එම සන්ධානයේ පක්ෂ ත්‍රිත්වයේම නායකයින්ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ කොමිසම වෙත ලිපියක් යවමින් මේ බව අවධාරණය කර තිබිණි.
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මහ මැතිවරණය පැවැත්වීමේ උත්සහාය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත(18) යවන ලද එම ලිපියේ මෙසේද සදහන් කර ඇත.
වත්මන් තත්වය හමුවේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම ගැන ඉතා වැදගත් අවධානය යොමු කළ යුතුව ඇති කාරණාවන් කිහිපයක් අවධාරණය කරමි.රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් නිසි කළට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි.
අද ලෝකයේ බොහෝ රටවල් වගේම ශ්‍රීලංකාවත් මේ තත්වයට මුහුණ දී සිටිනවා.ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය මහජන සෞඛ්‍යට පමණක් නොව ලෝකයේම ආර්ථිකයට විශාල බලපෑමක් සිදුකොට තිබෙනවා.
මහජනතාව අධික වශයෙන් ගැවසෙන එකරොක් වන කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම වැඩි බවත් එලෙස එක්රොක් වීම් වලින් වැළකෙන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම අවධාරණය කර සිටිනවා.මෙම වයිරසය පැතිර යාම පාලනය කරගැනීම සදහා ගෙන ඇති සෞඛ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පවතිනවා.මේනිසා පවතින මේ තත්වයේ ප්‍රථමයෙන්ම මහජන සුබසිද්ධිය සහ ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන එකක් කාලා ඉන්න පාඩුවෙ...
තව අවුරුදු පහකට මැතිවරණ සිතියම හකුලාගන්න කියලයි අප නම් කියන්නේ.
ආර්ථික හේතූන් මත ඇඳිරි නීතිය සීමා කිරීම පිළිගත හැකිය. කෙසේ වෙතත්, පිරිවැය සහ මැතිවරණ ක්‍රියාවලියේදී මිනිසුන් එක්රැස් වන ආකාරය අනුව, මේ මොහොතේ රටකට මැතිවරණයක් අවශ්‍ය නොවේ. වෘත්තිකයන්ට ඇහුම්කන් දීමෙන් රජය විශාල වැඩ කොටසක් කර තිබෙ. මෙම තර්ජනය නිසියාකාරව පාලනය වන තුරු රට මෙම ආකාරයටම කළමනාකරණය කළ හැකි යැයි මම සිතමි.
මෙ ගොල්ලොම එක වෙලාවක කියනව චන්දෙ ඕනෙ කියල. තව වෙලාවක කියනව චන්දෙ එපා කියල. බලන් ගියාම මේ ගොල්ලොන්ගෙයි ජෙප්පොන්ගෙයි වෙනසක් නැහැ. එකටම වාඩි වෙලා ඩීල් දාපු කට්ටියනෙ...
කට්ටියම චන්දෙට පුදුම බයක් තියෙන්නේ...
කොරෝනා වසංගතයේ අවසානයක් දැකීම අන් සියල්ලටම වඩා වැදගත් බව සිතන්න.සියල්ලටම පෙර මිනිසා ජීවත්වීම අංක එකය.අංක 2,3 අරමුණු ඉන් පසුව ඉටුකරගත හැකිය.
මොවුනට බුරුතුපිටින් ගිහිල්ලා දේවමෙහෙයන් කොරන්න පුළුවන්... චන්දෙ දාන්න යන්න බයයි.