(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුලු පොලිස් නිලධාරින් අද(24) ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ මුඛ ආවරණ පැළඳ නොපැමිණි කිසිවෙකුටත් නගරයට ඇතුලුවීමට ඉඩ නොදීම හේතුවෙන් බොහෝ පිරිසකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට පවා නොහැකි වූ බව මහජනතාව පවසති.
මුඛ ආවරණ අනිවාර්ය බව පවසමින් නගරයට ඇතුලුවන මාර්ගවල පරීක්‍ෂාවේ සිටි පොලිසි නිලධාරින් දැනුම්දීම නිසා තමන්ට නගරයට නොගොස් ආපසු පැමිණීමට සිදුවු බවද ඔවුහු කීහ.
තම ගම්මානවල මුඛ ආවරණ මිලදී ගැනීමට ස්ථාන නැති බවත් ඒවා මිලදීගන්නට වුවත් ඇඹිලිපිටිය නගරයේ ඖෂධ වෙළෙඳසැල්වලට යායුතු වු ඔවුහු පැවසූහ. එහෙත් නගර සභා සභාපතිවරයාගේ නියෝගය මත මුඛ ආවරණ නැති කිසිවෙකුටත් නගරයට ඇතුලුවීම තහනම් කරන ලැබීය.
පයින් ගමන් කරන අයට පමණක් නොව වාහනවල ගමන් කරන අයට ද ඒ තහනම බලපෑවේය. ඇඹිලිපිටිය නගරය සහ නගරසභා බල ප්‍රදේශයේ වැසියන්ගේ ආරක්‍ෂාවට එවැනි පියවරක් ගත්තා මිස මහජනතාව අපහසුතාවකට පත් කිරිමට එවැන්නක් නොකළ බව නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා පැවසීය.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කළ වීඩියෝ පටයකින් අදහස් දක්වමින් කෝවිඞ් 19 වයිරසය සමාජීය පැතිරිමක් තවමත් දක්නට නොමැති නිසා මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව අවධාරණය කරයි. කෝවිඩ් වයිරසය තවමත් පැතිර යන්නේ සමීපතමයන් අතර පමණක් බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එමගින් අවධාරණය කරයි. නමුත් මුඛ ආවරණයක් පළඳින්නේ නම් එසේ නොකළ යුතුයැයි තමන් නොකියන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් - 19 පැතිරෙන්නේ සමීපවන්නන් අතර බැවින් හා එහි සමාජයීය පැතිරීමක් තවමත් දක්නට නොමැති බැවින් මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය නොවන බවත් ඇතැම් ස්ථාන වලට මුඛ ආවරණ නොමැති පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කිරීම වැරදි ක්‍රියාවක් බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කඩවල මුඛ ආවරණ ඇත්තෙත් නෑ .. අන්තිමට අසරණ වෙන්නේ දුප්පත් මනුස්සයා.. නිවාස වලට කෑම යවන ක්‍රමයක් තමයි කරන්න තිවුනේ මෙහෙම මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව..
දේශපාලකයින් විසින් සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුගමනය කළ යුතුයි.
මෝඩ දේශපාලකයෝ දුප්පත් මිනිස්සු . කවුරු හරි මේවා ගැන හොයල බලන්න වේවි...
මෙම නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් බොහොමයක් දෙක ශ්‍රේණිය සමතුන් පමණක් බැවින් මෙවන් අමන ක්‍රියා මෙරටට පුදුමයක් නොවන අතර ඔවුනට ඡන්දය දෙන හරක් ඡන්ද දායකයන්ද මේවා තරමක් හෝ කල්පනා කර ඊළග ඡන්දය භාවිත කිරීම වටී
මුඛ ආවරණ මිලට ගන්නනම් නැහැ තමයි. එත් ගෙදර තියෙන අයින් කරපු ඇදුම් කෑල්ලකින් හරි කම්මැලිකම පැත්තක තියලා මහගන්න පුළුවන්. අපි හැමෝගෙම කැපවීම නැතුව මෙය පරාජය කරන්න බැහැ.
මේ නගරාධිපති මීළඟ ඡන්දෙදි නැවත පත්කර ගන්නවද?
මොන හරක් කතාවක්ද? ඒ ඔහොම තමයි ඉතාලියත් මුලින් කිව්වේ ...
හරවලා යවන්න නොවේ කරන්න තිබුනේ මුඛ ආවරණ නැති මිනිස්සුන්ට මේවා මිලදී ගන්න අවශ්‍ය කටයුතු සුදානම් කරගන්න එක පොලිසියේ වගකීම..., ඕවා මිලදී ගන්න නැතිනම් , ඕව දුර්ලභ නම් මිනිස්සු ඕවා මවන්නද?
සභාපතිගේ නම මාතරආරච්චිද?
ඔකතමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ ... බල්ලාගේ වැඩේ බූරුවා කරන්න බාරඅරගෙන.... අනිල් ජාසිංහ මහත්මය පමණක් නෙවේ, ලෝක සෞක්‍ය සංවිධානයත් පවසනවා කවූද මුඛ ආවරණ පැළදිය යුත්තේ, කුමකටද පැළදිය යුත්තේ කියලා, පමණක් මහත්වරු කියලා තියෙනවා ගෙදර තියෙන රෙදි කෑල්ලකින් මුඛ ආවරණ සකස් කර පැළදගෙන එන්න කියලා ඔවුන් හිතනවා එහෙම කලාම බඩ සුද්දයි කියලා. හරක් රෑලක් කරපු වැඩක් හින්දා මේ රටේ අහිංසකයෝ දුක්විදිනවා.
99 දෙනෙක් මුඛ ආවරණ දාලා හිටියත් වයිරසය ආසාදනය වුණු එක්කෙනෙක් නොදා හිටියොත් විෂබීජ ඇස්වලින් පවා ඇතුල් වෙන්න පුළුවන් අර 99 දෙනාටම... රෙදි මහන අයට මහලා විකුණන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැනේ. කීයක් ගියත් අත්‍යාවශ්‍ය දෙයක්...