බොලිවුඩ් රංගන ශිල්පියෙකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනී ඩියෝල් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

64 හැවිරිදි සනී ඩියෝල් උරහිසෙහි ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර සිදුකළ පරීක්ෂාවකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර මේ වන විට නිරෝධායනය සඳහා යොමුව ඇති බව සනී ඩියෝල් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම තමන් සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට ද නිරෝධායනය සඳහා යොමු වීමට පියවර ගන්නා ලෙස ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.
 
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)

125