IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වහන්න යයි

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පාසල් වසාදැමීමට සහ ජාතික මට්ටමේ විභාග කල්දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සඳහන් කළේ, මෑතකදී, එංගලන්තයේ පළමුවරට සියලු පාසල් වසාදැමීමට සිදු වන අවස්ථාව මෙය බවයි.

මිලියන 8ක පමණ සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පාසල් වසාදැමීමට තමන්ට ඉහළ නිලධාරීන්ගෙන් බලකෙරුණු බව කී අග්‍රාමාත්‍යවරයා වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ගුරුවරුන් සහ සිසුන් ස්වයං-නිරෝධායනට යොමු කළ බවද පැවැසීය.

මෙම තීරණය ගැනීමට පෙළඹුණේ, ස්කොට්ලන්තය සහ වේල්සය පාසල් වසාදැමීමට තීරණය කිරීමත් සමඟිනි.

ඒ අනුව, බ්‍රිතාන්‍යයේ සියලු පාසල් සිකුරාදා දිනයේදී නැවත දැනුම්දෙන තුරු  වසාදමන බව අධ්‍යාපන ලේකම් ගේවින් විලියම්සන් මහතා පැවසීය.

ඒ සමඟ ම අඩු ආදායම්ලාභී සිසුන්ට  නොමිලේ දිවා ආහාරය ලබා‍දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද බ්‍රිතාන්‍ය රජය තීරණය කරමින් සිටී.

උතුරු අයර්ලන්තයේ පාසල් ද ලබන සඳුදා දිනයේ සිට ගිම්හාන සෘතුව දක්වා කාලයක් වසාදැමීමට නියමිත බව බලධාරීහු පවසති.

බ්‍රිතාන්‍යයේ ජාතික මට්ටමේ අධ්‍යාපන විභාග සහ උසස් පෙළ විභාගය මේ වසරේදී නොපැවැත්වෙන බවද අධ්‍යාපන ලේකම් ගේවින් විලියම්සන් මහතා සඳහන් කළේය.


(සීඑන්එන්/ ද ගාඩියන්)



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වහන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site