බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය හා ඒ අවට ප්‍රදේශ කිහිපයක මිලියන හතරක පමණ ජනතාව හතරවන මට්ටමේ දැඩි අගුලු දැමීමකට යටත් වියයුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැතිව් හැන්කොක් මහතා අනතුරු අඟවා තිබේ.
වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් පනවන මෙම අගුලු දැමීම රට පුරාම ක්‍රියාත්මක වීමට සිදුවියහැකි බවටද හෙතෙම අනතුරු අඟවයි. හෙතෙම වැඩි දුරටත් පවසා ඇත්තේ කොරෝනා වයිරස ව්‍යාප්තියේ පාලනය මේවනවිට සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී ගොස් ඇති බවයි. විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ වයිරසයේ නව ප්‍රභේදය අනෙකට වඩා 71%ක වේගයෙන් පැතිරෙන බවයි. අගමැති බොරිස් ජොන්සන් මහතා විසින් සෙනසුරාදා ලන්ඩන් ඇතුළු ගිණිකොන දිග ප්‍රදේශ වලට දැඩි සීමා පැනවූ අතර එයින් මිලියන 16ක පමණ ජනතාව අගුලු දමා ඇත.
නත්තල් සැමරුම් අවලංගු කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු රජය සමග කෝපයෙන් සිටින බව හැන්කොක් මහතා පිළිගෙන තිබේ. නමුත් වයිරසයේ නව ප්‍රභේදය දැවැන්ත අභියෝගයක් බවත් එන්නතක් ලබාගත හැකිවනතෙක් ඉදිරි මාස කිහිපය මිනිසුන් ආරක්ෂා කරගත යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.
කොන්සර්වෙටිව් පක්ෂයේ සාමාජිකයකු පසුගියදා කියා සිටියේ නත්තල් සමයේ පනවන ලද ලැජ්ජාසහගත නීතිරීති සම්බන්ධයෙන් මැතිව් හැන්කොක් මහතා ඉල්ලා අස්විය යුතු බවයි. මැතිව් හැන්කොක් මහතාගේ අභිමතය අනුව මැදියම් රැයේදී පනවන ලද නීතිරීති, පාර්ලිමේන්තුව රැස්වී වෙනස් කළ යුතු බවද ඇතැම්හු කියති.
ඉරිදා (20 වැනිදා) දිනයේදී බ්‍රිතාන්‍යෙයන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 35,928 කි. එය පසුගිය සතියේදී වාර්තා වූවාට වඩා දෙගුණයක් වන අතර මරණ 326 ක් වාර්තා විය. පසුගිය සතියේ වාර්තා වූයේ මරණ 144 කි.
ලන්ඩන් නුවරින් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන් අනුපාතය 100,000 කට 468 කි. එය වයඹ දිග එංගලන්තයෙන් වාර්තාවන අනුපාතය මෙන් තුන් ගුණයකි.
තත්ත්වය පාලනය කරගැනීම සඳහා එක්සත් රාජධානිය මෙන්ම යුරෝපයේ අනෙකුත් රටවල් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ.
(ඩේලි මේල් ඇසුරිණි - 085)
(අගුලු දැමීමේ මට්ටම්)
(දිනයකදී සිදුවන මරණ)
(රෝගීන් වැඩිවීම)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බ්‍රිතාන්‍යයේ තත්ත්වය අවදානම් අතට