බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයන්ට ලබන ජනවාරි 6 වැනිදා දක්වා රටට ඇතුළු වීම තහනම් කිරීමට ජර්මනිය අද (22) පියවර ගත්තේ ය.
බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ පැතිර යමින් ‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේද හේතුවෙන් ජර්මනිය මෙම පියවර ගෙන තිබේ.
‘‘මෙම රටවල් දෙකෙන් සෘජුව පැමිණෙන දුම්රිය, බස් රථ, නෞකා සහ ගුවන් යානා සියල්ල ආවරණය වන පරිදි මෙම තහනම පනවා’’ ඇතැයි ජර්මානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්විණි.
තහනම දෙසැම්බර් 22, එනම් ඊයේ සිට ජනවාරි 6 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
ජර්මනියේ වලංගු නේවාසික බලපත්‍ර ඇති අයට ජනවාරි 1 වැනිදා රටට පැමිණිය හැකි යැයි ද එහි තවදුරටත් දැක්විණි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd