බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයන්ට ලබන ජනවාරි 6 වැනිදා දක්වා රටට ඇතුළු වීම තහනම් කිරීමට ජර්මනිය අද (22) පියවර ගත්තේ ය.
බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ පැතිර යමින් ‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේද හේතුවෙන් ජර්මනිය මෙම පියවර ගෙන තිබේ.
‘‘මෙම රටවල් දෙකෙන් සෘජුව පැමිණෙන දුම්රිය, බස් රථ, නෞකා සහ ගුවන් යානා සියල්ල ආවරණය වන පරිදි මෙම තහනම පනවා’’ ඇතැයි ජර්මානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්විණි.
තහනම දෙසැම්බර් 22, එනම් ඊයේ සිට ජනවාරි 6 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
ජර්මනියේ වලංගු නේවාසික බලපත්‍ර ඇති අයට ජනවාරි 1 වැනිදා රටට පැමිණිය හැකි යැයි ද එහි තවදුරටත් දැක්විණි.
ඒ.එෆ්.පී.
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බ්‍රිතාන්‍යට-දකුණු අප්‍රිකාවට ජර්මනියෙන් තහනමක්