IMG-LOGO

බ්‍රිතාන්‍යට අගුලු දැමීමෙන් පසු ප්‍රථම වරට රැජින ප්‍රසිද්ධියේ පෙනී සිටියි

බ්‍රිතාන්‍යයේ කොරෝනා වයිරස අගුලු දැමීම ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට එළිසබත් මහ රැජින එළිමහනේ ප්‍රසිද්ධියේ පෙනී සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
 
අවුරුදු 94ක් වයසැති රැජින සති අන්තයේදී වින්ඩ්සර් කාසල් මන්දිරයේ එළිමහන් පිට්ටනියේ පෝනියෙකු පිට ගමන් කරමින් සිටිනු ඡායාරූපයට නගා ඇත.
 
බැල්මෝරල් ෆර්න් නම් අවුරුදු 14ක් වයසැති පෝනියාගේ පිට නැගී රැජින වර්ණවත් හිස් පළඳනාවකින් සැරසී සිටි බව පැවසේ.
 
සාමාන්‍ය දිනවල ඇය පුරුද්දක් ලෙස වින්සර් පිට්ටනියේ ගතකරන අතර එය ඇගේ ප්‍රියතම ස්ථානය යැයි කියනු ලැබේ.
 
කොවිඩි - 19 බ්‍රිතාන්‍යයේ පැතිරීමත් සමග පසුගිය මාර්තු 19 වනදා සිට, රැජින සිය සැමියා වන එඩිම්බරෝ ආදිපාදවරා සහ කාර්යමණ්ඩලයේ සුළු පිරිසක් සමග වින්ඩ්සර් කාසල් මන්දිරයේ ස්වයං හුදකලාවේ ගත කලේය.
 
ඒ අතරතුර ඇය රූපවාහිනියෙන් දෙවතාවක් ජනතාව ඇමතීමට කටයුතු කළාය. එක්සත් රාජධානිය වයිරසයට එරෙහි සටනේදී සාර්ථක වනු ඇති බවත් වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජයේ නීතිරීති අනුගමනය කිරීම ගැන ජනතාවට ස්තූතිවන්ත වන බවත් රැජින පළමු සාකච්ඡාවේදී පැවසීය.
 
දෙවැනි වතාවට ඇය ජාතිය ඇමතුවේ කිරුළු පැළඳීමේ 75 වන සංවත්සරය සැමරීම සඳහාය.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (7)

බ්‍රිතාන්‍යට අගුලු දැමීමෙන් පසු ප්‍රථම වරට රැජින ප්‍රසිද්ධියේ පෙනී සිටියි

රෝහිණී නාඔටුන්න Monday, 01 June 2020 10:11 AM

අශ්වයින් පිටයන්න එපා... වැටුණොත්? ඩී.එස්. සේනානායක මතක් වෙනවා...

:       0       2

රවින් Monday, 01 June 2020 10:54 AM

දෙදෙනාගේම වයස නම් ගැළපෙනවා වගේ.

:       0       0

shantha Qatar Monday, 01 June 2020 11:07 AM

ඡායාරූපයේ හැටියට නම් මහ රැජිණද කියලා හිතාගන්න අමාරුයි. එ්ක නෙවේ ප්‍රශ්නේ... අපි තාමත් ගැති බව දැනෙන්නේ මට විතරද? දන්නේ නැහැ. එක ඒ තරමට ප්‍රවෘත්ති මවන දෙයක්ද?

:       3       93

චමින්දMonday, 01 June 2020 12:52 PM

ප්‍රවෘත්තිය වැදගත් නැතත් අවුරුදු 94 ක කාන්තාවක් අශ්වයකු පිටයාමට තරම් නිරෝගීව සිටීම නොවටීද?

:       3       38

lankaMonday, 01 June 2020 01:36 PM

මේ පින්තූරයේ ඉන්න රැජින පහුගිය දිනවල පෙන්වපු රැජිනගේ පින්තුරවලට වඩා තරුණයි. අනේ මන්දා. මේ පරණ පින්තුරයක්ද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 02 June 2020 01:23 AM

ශාන්ත මහතා, ගැතිද?, නොගැතිද? කියන එක නෙමෙයි ප්‍රශ්නේ... අප හොරුන්ගේ, තක්කඩින්ගේ, මැරයන්ගේ හා නූගතුන්ගේ ගැත්තන් බවට පත්වුණා.

:       0       23

saman Monday, 01 June 2020 01:40 PM

මෙයා ලන්ඩන් වලට කොරෝනා එනකොට, ඔක්කොම පොදි බැඳගෙන ගම්බවද තිබෙන වින්ඩ්සර් මාලිගාවට සේන්දු වුණා. කොයි රටේත් දේශපාලකයින් ඉස්සෙලම හිතන්නේ තමන් ගැනමයි. දැන් ඉතින් අශ්වයා පිට තේජස් ආකාරයෙන් දැක්කම අපේ උදවිය ඉඳන් ඉන්න පුටු වලිනුත් නැගිටිනවා.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site