(නිමන්ති රණසිංහ)
කොරෝනා ආසාදනය වූ බිලිඳෙකු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (30) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක සේවය නියුතු වෛද්‍යවරයෙකි.
කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ රෝහලක කොරෝනා රෝගය වැළැදුන බිළිදකු බිහිවූ බවට සදහන් කරමින් මුහුණු පොතේ පොස්ටුවක පලවූ අසත්‍ය තොරතුරක් මෙම සැකකාර වෛද්‍යවරයා ලබා දුන් බවට සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
මෙම අසත්‍ය තොරතුර මුහුණු පොතේ පල කළැයි කියන නුවන් නිරෝධ නැමැත්තා ඉකුත් 29 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී එම සැකකරු ද ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබිණී.
ඒ අනුව එම සැකකරුට මෙම අසත්‍ය තොරතුරු ලබා දුන් බව කියන සැකකාර වෛද්‍යවරයා ද අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සැකකරුවන් දෙදෙනා අසත්‍ය තොරතුරු ඇතුළත් පුවරු නිර්මාණය කර මුහුණු පොත මගින් ප්‍රචාරය කර සහ එයට ආධාර අනුබල දී පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහය ප්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දොස්තර කොහෙන් උපාධිය ගත්ත කෙනෙක්ද ?
අගෙයි. ෆේස් බුක් එකේ බොරු දමන නරුමයින් මොලේ අමාරුකාරයොයි .මේ දෙන්නවත් අංගොඩ මානසික රෝහලට යවන්න වෙයි.
දැන් මේ පුද්ගලයා කුමක් බලාපොරොත්තුවෙන්ද? මෙසේ බොරු ප්‍රචාරයක් කලේ යන්න සොයාගැනීම වැදගත් නොවේද? අප තරයේ විශ්වාස කරනවා මෙවන් අයගේ ඡායරූප සහිත සම්පූර්ණ විස්තර සියලුම මාධ්‍යයන් වල පලකිරීමෙන් මෙවන් දුර්ජන ක්‍රියාවන් අඩුකරගත හැකි බවට. කරුණාකර මෙම තිරිසනා කෙසේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන්නේද සොයා බලන ලෙසද ඉල්ලා සිටින්නෙමු.
සමහර අය මුහුණු පොත පාවිච්චි කරන්නේ ගෙදරදී කියාගන්න අමාරු ටික සමාජයට කියන්න. වැඩියෙන්ම අවභාවිතා කෙරෙන වටිනා සමාජ මාධ්‍යයක්. එක අතකට සමහර නාලිකා ගත්තහමත් එහෙම කියන්න බැරි කමක් නැතුවාම නෙමෙයි.