(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 19දෙනෙකු අද (4) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් හදුනා ගනු ලැබූ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
මීට දින කීපයකට පෙර බදුල්ල බන්ධනාගාරයේ රැදවියන් පිරිසකට සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී කෝවිඩ් 19 ආසාදිත රැදවියන් පස්දෙනෙකු නොබෝදා හදුනාගත් බවද හෙතෙම කියයි .
මේ අනුව දැනට බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 24 දෙනෙකු හමුවී තිබේ .
ඉන් අනතුරුව බදුල්ල බන්ධනාගාරයේ රැදවියන් 60කට පීසීආර් පරීක්ෂණ කටයුතු සිදු කල අතර ,එම වාර්තා අනුව අද (4) කෝවිඩ් 19 ආසාදිත බන්ධනාගාර රැදවියන් 19 ක් හදුනා ගනු ලැබිනයි බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd