



(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පුජා භුමියට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ සිංහ කණුව සමීපයේ ඉදිකර ඇති දිවංගත බණ්ඩාරනායක අගමැතිවරයා වෙනුවෙන් ඉදිකරන ලද බණ්ඩාරනායක කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානය වසර ගණනාවක් තිස්සේ වල්බිහිවෙමින් පවති.
බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ පිළිරුවක් ද සහිතව පැරණි “ පංචාවාස ” ගොඩනැඟිලි රටාව අනුව ඉදිකර ඇති මෙම කෞතුකාගාර පරිශ්‍රය කිසිදු නඩත්තුවක් නොමැති බව ගැමියෝ චෝදනා කරති.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ මෙය පාලනය වෙයි. එහි ප්‍රාදේශීය කාර්යාලය හා ගබඩා සඳහා ද එම ගොඩනැඟිලි යොදාගෙන තිබේ. මෙහි ඉතිහාසය පිළිබඳව කරුණු දැක්වූ අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ( පොදුජන පෙරමුණ ) නීතීඥ පේමසිරි හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසිය.
‘මේ ගොඩනැඟිලි හදන්න ඉස්සෙල්ලා මේක පිට්ටනියක්. උත්සව කාලෙට අනුරාධපුරේ හුඟක් සැණකෙළි පැවැත්තුවේ මෙතන. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය කාලේ තමයි මේ ගොඩනැඟිලි හැදුවේ. බණ්ඩාරනායක අගමැතිතුමන් අනුරාධපුරේට කරපු සේවය සළකලා එතුමා වෙනුවෙන් කෞතුකාගාරයක් ඇතිකරන්න අපි කරපු ඉල්ලීම අනුව තමයි මේ ගොඩනැඟිලි වගේම විශාල ප්‍රමාණයේ පිළිරුවකුත් හැදුවේ.
දැන් මේක තනිකර කැළෑවක්.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක හරියට නඩත්තු කරන්නේ නෑ.අපි රජයට යෝජනා කරන්නේ මේ ගොඩනැඟිලි සංකීර්ණය ඇතුළු භූමිය රජරට නිර්මාණකරුවන්ගේ , කළාකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කරන්නට බහුකාර්ය මධ්‍යස්ථානයක් හැටියටත් තොරතුරු මධ්‍ය්ස්ථානයක් හැටියටත් පත්කරන්න කියලා.”
මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න රත්නායක මහතා පැවසුවේ මෙවැන්නක්.
“මේ ගොඩනැඟිලි සංකීර්ණයේ සැළැස්ම නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවේ. ඉදිකිරීම්වලට මිලියන එකසිය දහයක වගේ මුදලක් ගියා.මම තමයි ඉදිකිරීම් අධීක්ෂණය කෙරුවේ.බණ්ඩාරනායක අගමැතිතුමා සම්බන්ධ කෞතුකාගාරයක් නිර්මාණය කිරීම තමයි අරමුණ උනේ.හැබැයි ඉතිං ඒ වැඩේ කෙරුනේ නෑ.මේ භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති නිසා අපි අපේ ප්‍රාදේශීය කාර්යාලෙයි , ගබඩායි පවත්වාගෙන යනවා..”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරනායක නම විකුණලා බලයට ඇවිත් කෝටි ප්‍රකෝටිපතියන් වෙලා ලෝකය පුරා බැංකුවල මුදල් පුරවාගෙන කොළඹ ඇතුළුව ලංකාව පුරා සැප නිවාස හිමිකරගෙන දරු පවුල් පිටින් සුපිරි ජීවිත ගත කරන උදවියට දැන් මොන බණ්ඩාරනායකලාද?
ජනාධිපති වුණාම තමන්ගේ අම්මලා තාත්තලා වෙනුවෙන් ජනතා මුදල් වියදම් කරලා මේ වගේ බයිලා කියනවා. මිනිස්සුත් හුරේ දාගෙන ඉන්නවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව නිතර කතාකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු වන පුරාවිද්‍යා සහ සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක මේ පිළිබඳව නොදැන හෝ නොදැක සිටිනවාද? දැක දැකත් නිහඬව සිටීද කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපට ගැටලුවකි..
කොහොමද මේක නීතිවිරෝධී නොවන්නේ?
මෙවැනි දෙවල් මහජන මුදලින් සෑදීම අපරාධයක්. මිලියන සිය ගණනක් ප්‍රදේශය දියුණු කිරීමට යෙදවිය හැකිව තිබුණි. සිංගප්පූරුවේ පළමු අගමැතිට කිසිඳු සිහිවටනයක් සෑදීම තහනම් කර ඇත.
මහජන මුදලින් ස්මාරක, කෞතුකාගාර හදන සැමටම මෙය පූර්වාදර්ශයක් වේවා..!!!
රටේ හිටපු රටේ ඉන්න රටේ පහළවෙන හැම පුද්ගලයා ගානේම පිළිම නෙලනෙලා තැන් තැන්වල ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය මට නම් තේරෙන්නේ නැහැ. මිනිස්සු ලෝකයේ පහවෙනවා, රටට සමාජයට හැකි ආකාරයෙන් මෙහෙවර කරනවා, පසුව මැරිලා යනවා, වැදගත් වෙන්නේ පිළිම නොවෙයි, මිනිහෙක් සමාජයට දෙන දැක්මයි, දැන් කෝටිගණන් මුදල් වියදම් කරලා ඔතන තියෙන පිළිමයට වඩා ඔය පාරේ දෙපැත්තේ ඔතන පාලම ළඟ ගෙවල් දොරවල් නැති මිනිස්සු කීයක් ඉන්නවද? ඒ මිනිස්සුන්ට ගෙවල් ටිකක් හැදුවා නම් කොච්චර වැදගත්ද?