(තරංග ගුණරත්න )
රටෙි පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ සමාන්‍ය පරිදි ආර්ථිකය පත්වන තුරු ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත් නිවාස ණය මෙන්ම සියලුම ණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.
මේ දිනවල බැංකුව විසින් ණය අයකර ගන්නා බවට ජනතාව චෝදනා කරන නමුත් මේ සදහා මහ බැංකුව මගින් බැංකු පද්ධතිය සදහා අවශ්‍ය උපදෙස් ලැබුණු විගස බැංකු ණය කපා ගැනීම බැංකු මගින් තාවකාලිකව නතරවන බවද මෙය ප්‍රමාද වීමට හේතු වන්නේ මහ බැංකුව වසා තැබීම බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කරන ප්‍රකාශ ජනතාවට පිළිගන්නද කියන්නෙ? වෙන වගකියයුතු ඇමතිකෙනෙක් හරි නිලධාරියෙක් නැද්ද?
මේ වගේ වෙලාවල් වල බොරු බලාපොරොත්තු දෙන්න එපා....
මගෙ ණය වාරිකෙත් පෙරේදා උදේම කපාගෙන තිබුණා... රාජ්‍ය බැංකුවක
මහත්ඵල මහානිසංස පිං පල දෙන ඉතාමත් හොඳ වැඩක්. මම දන්න කීපදෙනෙක් ඉන්නවා එදා වේල හම්බ කරගෙන කන. අනේ ඒ අය ගරු ජනාධිපති තුමාට පිං දුන්නා. ඇත්තටම ඇත්ත නම් ඒක දුප්පත් මිනිස්සු වෙනුවෙන් කරන විශාල පිං කමක්. බුදුසරණයි.
ඔබතුමන්ලා ප්‍රකාශ නිකුත් කරන විට බැංකු ණය කපා අවසන්ව තියෙයි
මගේ ණය ආරක්ෂා කරන්නේ රජයේ බැංකුවකිනි.
මෙ මාසයෙ මා විසින් ගන්නා ලද බැංකු ණය මාසික පඩියෙන් අඩු කර ගත්තා. මෙ කියන කතාව බොරුවක් නෙවෙයිද? එතකොට ලබන මාසෙ ඉදලා කපන්නෙ නැද්ද? ඇත්ත කියන්න නිවුස් වලට දුන්නැ .
යකෝ මගේ පඩිය වැටිලා මැසේජ් එක එන්නත් කලින් ණය කපාගත්තු මැසේජ් එක ආවා.මේ කාවද මේ රවට්ටන්න හදන්නේ..?