(තරංග ගුණරත්න )
රටෙි පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ සමාන්‍ය පරිදි ආර්ථිකය පත්වන තුරු ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත් නිවාස ණය මෙන්ම සියලුම ණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.
මේ දිනවල බැංකුව විසින් ණය අයකර ගන්නා බවට ජනතාව චෝදනා කරන නමුත් මේ සදහා මහ බැංකුව මගින් බැංකු පද්ධතිය සදහා අවශ්‍ය උපදෙස් ලැබුණු විගස බැංකු ණය කපා ගැනීම බැංකු මගින් තාවකාලිකව නතරවන බවද මෙය ප්‍රමාද වීමට හේතු වන්නේ මහ බැංකුව වසා තැබීම බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’බැංකු ණය කපා ගැනීම තාවකාලිකව නතර කරනවා’
Senevirathne Monday, 23 March 2020 07:03 AM
මෙයා කරන ප්‍රකාශ ජනතාවට පිළිගන්නද කියන්නෙ? වෙන වගකියයුතු ඇමතිකෙනෙක් හරි නිලධාරියෙක් නැද්ද?
Aruna Monday, 23 March 2020 07:22 AM
මේ වගේ වෙලාවල් වල බොරු බලාපොරොත්තු දෙන්න එපා....
ලක්ශාන් Monday, 23 March 2020 07:53 AM
මගෙ ණය වාරිකෙත් පෙරේදා උදේම කපාගෙන තිබුණා... රාජ්‍ය බැංකුවක
Mangi Rathnayake Monday, 23 March 2020 09:08 AM
මහත්ඵල මහානිසංස පිං පල දෙන ඉතාමත් හොඳ වැඩක්. මම දන්න කීපදෙනෙක් ඉන්නවා එදා වේල හම්බ කරගෙන කන. අනේ ඒ අය ගරු ජනාධිපති තුමාට පිං දුන්නා. ඇත්තටම ඇත්ත නම් ඒක දුප්පත් මිනිස්සු වෙනුවෙන් කරන විශාල පිං කමක්. බුදුසරණයි.
manjula Monday, 23 March 2020 09:14 AM
ඔබතුමන්ලා ප්‍රකාශ නිකුත් කරන විට බැංකු ණය කපා අවසන්ව තියෙයි
Arun Monday, 23 March 2020 09:39 AM
මගේ ණය ආරක්ෂා කරන්නේ රජයේ බැංකුවකිනි.
චතුරංග Monday, 23 March 2020 12:42 PM
මෙ මාසයෙ මා විසින් ගන්නා ලද බැංකු ණය මාසික පඩියෙන් අඩු කර ගත්තා. මෙ කියන කතාව බොරුවක් නෙවෙයිද? එතකොට ලබන මාසෙ ඉදලා කපන්නෙ නැද්ද? ඇත්ත කියන්න නිවුස් වලට දුන්නැ .
athura Monday, 23 March 2020 02:08 PM
යකෝ මගේ පඩිය වැටිලා මැසේජ් එක එන්නත් කලින් ණය කපාගත්තු මැසේජ් එක ආවා.මේ කාවද මේ රවට්ටන්න හදන්නේ..?