(ඩබ් ඒ පියතිලක)
පොළොන්නරුව මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රිවරුන්ගේ සහ සේවකයින්ගේ දිනක වැටුප වැලිකන්ද මුලික රෝහලේ කොරොනා රෝගීන් වෙනුවෙන් අද (23) පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත නගරාධිපතිවරයා පරිත්‍යාග කලේය.
පොළොන්නරුව වැලිකන්ද මුලික රෝහලේ කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට දෛනිකව අවශ්‍ය දෑ ලබාගෙන ගැනීමට පොළොන්නරුව මහ නගර සභවේ නගාරාධිපති චානක සිදත් රණසිංහ ඇතුළු මන්ත්‍රිවරු සහ නිලධාරින් විසින් පොළොන්නරු මහ රෝහලේ අධ්‍යක්ෂක විශේඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතා වෙත එම ලබාදිම සිදුකෙරිණි
මේවා අතර පානීය ජල බෝතල් , සබන් , බාස්කට්, සහ විෂබිජ නාශක වර්ග ඇතුලත්ව ඇති බව පොලොන්නරුව මහ නගර සභවේ නගාරාධිපති චානක සිදත් රණසිංහ මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd