
(ඉන්දිකා රාමනායක)
කොවිඩ් මර්දන එන්නත් 15,331 ක ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් වෙත එන්නත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් නිලධාරීන් 2254 දෙනෙකුට (23) දින වන විට එන්නත ලබාදුන් බවද හෙතෙම කියා සිටියේය.
මෙම එන්නත් ලබා දීම මුලින්ම නාරාහේන්පිට හා කුණ්ඩසාලේ පොලිස් රෝහල් වල කාර්ය මණ්ඩල වෙත එන්නත් කිරීම සිදුකළ බවත් හෙතෙම කීය.
පසුව නිරන්තරයෙන් ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන් වෙත ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.
පොලිස් නිලධාරීන් වෙත මෙම එන්නත ලබා දීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd