(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ දේශපාලන පක්‍ෂ නායකයින් ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.
එසේ පාර්ලිමේන්තුව යළි කැදවීමෙන් පසු රටේ දැනට පවතින තත්ත්වය සමනයවීමෙන් පසු සුදුසු අවස්ථාවකදී යළි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇතැයි ද ඔවුන් සිය ප‍්‍රකාශයෙහි දක්වා තිබේ.
හිටපු විපක්‍ෂනායක, ජාතික සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අග‍්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්, ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක, දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ඒකාබද්ධ ප‍්‍රකාශය නිකුත් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙන්ෂන් හදාගන්නද?
කාලයයි, සල්ලියි නාස්ති කරනවට වඩා පාර්ලිමෙන්තුව ලොක් ඩවුන් කරන එක හොදයි...
ඡන්දයෙන් පසු පමණයි.
පාර්ලිමේන්තුවේ දිනක වියදම ලක්ෂ 50 යි. ඔබතුමාලා මුදල තනිව බෙදාදෙනවද?
පිං සිද්ද වෙයි, ගෙදර හිටු..., දැන් කරන විදිහට මේ මනුස්සයා රට ගොඩ දාල දෙනකන්. තියන කුලප්පුවට ඕක රැස් කරා කියලා මිනිස්සුන්ට වෙන සෙතක් නෑ. වැලලෙන්නේ නැතුව ගෙදර ඉන්න දෙයියන්ගේ නාමෙට..
තියෙන අර්බුද මදිවට ව්‍යවස්ථා අර්බුදයකුත් නොහදා පාර්ලිමේන්තුව කැඳවන්න. මන්ත්‍රීවරුන් වගකීම් විරහිත ලෙස හැසිරුනොත් ජනතාව ඔවුන් ගැන මැතිවරණයේදී බලාගනිවී.
කට්ටිය රැස්වෙල කොරෝනා හොද කරන්න වගේ...
පාස්කු ප‍්‍රහාරය අති සාර්ථකව කලමනාකරණය කරගන්න බැහැ. ජනාධිපතිතුමන්ට වෙන්නේ මෙ හරක් ටික දක්ක දක්කාගෙන ඉන්න.
මොකටද නැවත මේ හොරුටික කැඳවන්නේ ? රටේ ජනතාවට මේ වෙලාවේ තියෙන සල්ලි ටික මේ අයගේ පහසුකම් වලට දී මේ අයව පොහොසත් කරන්නද? පාස්කු ප්‍රහාරයවත් පාලනය කරගන්න බැරිව ජීවිත සිය ගණනක් බිල්ලට දීපු, ත්‍රස්තවාදීන්ට උදව් කරපු, හිරේ ඉන්න ඕන මිනීමරුවන් ටික නැවත පාර්ලිමේන්තුවට කැදෙව්වොත් කොරෝනා පැත්තකට තියලා ජනතාව පාරට බැහැල උද්ඝෝෂණය කරාවි.
ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයි. එක පාරක් ඡන්ද නුදුන්න හැටි මතකයිනේ.
මේ වෙලාවේ ආණ්ඩුව චන්දෙකට ගියොත් 2/3ක් ලබාගන්න අමරුයි. මේ වෙලාවේ ආණ්ඩුවට චන්දෙ ලැබෙන්නේ 1/3, මිනිස්සුන්ට හරි පීඩාවට පත් වෙලා, ඇඳිරිනීතිය, කෑමබීම සපයා ගැනීම සහ මනස අවුල් වෙලා, පීඩනය ඇතිවෙලා , ජනාධිපතිතුමනි , සෞඛ්‍ය අංශ සහ වැඩිදෙනකුගේ අදහස් මත ගරුකරලා දඩබ්බර නොවී වසරකට චන්ද කල් දමන්න. සියලුම පක්ෂ, ජාතීන් එකතුවෙලා රටම එකමුතු වෙලා රට ගොඩ දමා, අලුත් නැම්මක් සමග කොරෝනා සුව කරගෙන චන්දෙකට යන්න.
රටේ ජනතාවට පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් නැහැ. ජනාධිපතිතුමා සහ පිරිස රට ඉතා හොඳින් පාලනය කරගෙන යනවා. මේ විදියට ඉදිරියට කරගෙන යන්න ජනාධිපතිතුමනි.... රටේ ජනතාවට දැන් හොඳටම තේරිලා තියෙන්නේ, පාර්ලිමේන්තුව සහ 225 තමයි රටට හිටපු එකම හෙනහුරා කියලා අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි!
ඡන්දයක් තියෙනවා කියලා ආණ්ඩුව කියලත් නැහැ. ඒ වගකීම මැතිවරණ කොමිෂමේ කියලාත් ආණ්ඩුව කියනවා. රටේ තත්ත්වෙ හොඳ නැත්නම් දීලා තියන දිනය නැවත සළකා බලනවා කියලා මැ.කො. කියනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ ?
මෙරට සියලුදෙනාම පැහැදිලිව දැකපු කාරණාවක් තමයි දියවන්නා බලුකුඩුවේ හිටපු කට්ටිය හොල්මන් වෙලා හිටපු කාලේ මෙරට උගතුන් පැහැදිලි ලෙසම කොරෝනා තම අණසකට යටත් කරගෙන හිටපු විත්තිය. බලු කුඩුවේ කට්ටිය කට අරින්න පටන්ගත්තු දවස්වල සිටම දිනෙන් දින කොරෝනා ආසාදිතයින් වැඩිවෙන බවත් පැහැදිලිව දැකිය හැකිය. ඉතින් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සුඛ විහරණය උදෙසා ...................... ????
මොන මඟුලකට විසිරවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියන්නේ? ඇයි කට්ටිය එකතු වෙලා බෙහෙතක් හොයාගන්නද? එහෙම නැත්තං අර අන්තවාදීන්ගේ උවමනා එපාකම් ඉටු කරන්නද? පාස්කු බෝම්බ වලින් අනාථ වුනු පවුල් 300ට වන්දි දීගන්න බැරි වුනු සෙට් එක රටටම ආධාර දෙන්න කතා කරනවා...
පාර්ලිමේන්තුව කැඳවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඇතුලේ ගහ ගන්න ගියොත් සෝෂල් ඩිස්ටන්ස් තියාගන්න බැරිවෙයි. පොලිසියට වෙන වැඩ නැතිවෙයි පාර්ලිමේන්තුවේ රණ්ඩු බේරන්න ගිහිල්ලා ....
දැන් මේ සෙට් එක පාර්ලිමේන්තු ආවා කියලා මොනවද කරන්න පුළුවන්?මේ යක්කුන්ට පාර්ලිමේන්තු එන්න V 8 SUV ටිකට ගහන ඩීසල් පෙට්රල් වලින් නැති බැරි මිනිස්සු කියකට වේලක් කන්න දෙන්න පුලුවන්ද...? සත් භාවයෙන්ලු කියන්නේ... පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා.. පක්ෂ නායකයෝ කියලා දාලා තියන සෙට් එකේ නම් ටික දැක්කම මතක් උනේ බුදු සරණයි බෝඩ් එක ගහපු හොර හරක් ලොරියක්....
නැති පාර්ලිමේන්තුවක් ආපසු කැඳවන්නේ මොකටද? ජුනි 20 වෙනිදට චන්දය දෙන්න අවස්ථාවක් ලැබුනොත් මතක ඇතිව තුනෙන් දෙකෙක වැඩිතරයක් ජනාධිපතිතුමාගේ පක්ෂයට ලබාදෙන්න. එවිට මෙවැනි වසංගතවලට මුහුණදෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කරන්න පුළුවනි. ඒ ගමන්ම මහජන නියෝජිතයෝ නැතිව ජනාධිපතිතුමා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රට පාලනය කරන්න ක්‍රමයක් ඇති කරන්නත් පුළුවනි.
මේ පරාජිත පක්ෂ නායකයින්ගේ යටි අරමුණ උදය ගම්මන්පිල පැහැදිලිව සදහන් කළා. මෙතන එම අදහසට ඉඩක් දීලා නැති හැඩක් පේනවා. මොවුන්ගේ එකම යටි අරමුණ දෙකඩ වී තිබෙන එජාපය නැවත එක්කර ගැනීම පමණමයි. එමගින් ඔවුන්ට නැවත නාමයෝජනා අලුතින් කැදවීමට අවස්ථාවක් ලැබෙනවා. පසුව නැවත එකට එකතුවී බහුතර සිංහල පදනමට යම්කිසි පහරක් දීමයි ඉලක්කය. හිටපු කථානායකටත් ඕක කරගන්න බැරුව කලකිරිලා ගියා. එයාටත් පුලුවන් එතකොට නැවත කරලියට එන්න. ඒක මෙතන කාගෙන්වත් කියවිලා නෑ.
අපිට ආදරේටද මේ ? නෑ මේ බලය වෙනුවෙන්. ලක්ෂ ගාණක් දවසකට වියදම් කරා. ආණ්ඩු පෙරලා බලය ලබාගැනීමට කරන කාලකන්නි උත්සාහයක්. මතකනේ ජනතාවට සහන දෙන්න ගෙනාව යෝජනාව පරද්දන්න හදපු හැටි.ඉතින් ඔවුන්ගෙන තවත් මොනවා බලාපොරොත්තු වන්නද?
පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ පහුගිය කාලේ තිබුනේ. මැතිවරණ ඔක්කොම පුලුවන් තරමක් කල් දැම්මා. ජාතික ආණ්ඩුවක් කියලා එකක් අටවගෙන ජනමතය සම්පූර්ණයෙන්ම විකෘති කරලා ආණ්ඩුවක් හැදුවා. උන්ගෙම උන් අතරේ විපක්ෂ නායකකම විපක්ශයේ ප්‍රධාන සංවිධායකකම බෙදාගත්තා. සමහර අණ පනත් සම්මත කරගන්න ගෙවල් වල ඉන්න මන්ත්‍රිවරු එනකම් රෑ 8.30 වෙනකම් පාර්ලිමෙන්තුව ඇද්දා. ඇතැම් ජාත්‍යන්තර ගිවිසුම් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අත්සන් කරලා පසුව පාර්මේතුවට ඉදිපත් කළා. චෝදනා තියෙන අයම පාර්මේන්තු කමිටුවලට පත්කරලා වැරදිකරුවන් බේරුවා. මෙහෙම අයද දැන් මේ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්නේ ?
වැරදි පැවැත්ම නිසා අකාලයේ මියගිය පාර්ලිමේන්තුවට පණ දෙන්න එපා ටොපියක් වගේ දෙකොන අඹරා පුච්චා දමන්න ගිය ආණ්ඩුව බේරුනේ කොරෝනාව නිසයි. ඔය හදන්නේ ඒ ගොල්ලන්ගේ පැන්ෂන් එක සහ වැටුප් හදා ගන්නයි. මොකා මොන විදිහට කීවත් පාර්ලිමේන්තුව කැදවන්න එපා එපා එපාමයි...
අම්මේ...රටට, ජාතියට ආදරේ සෙට් එක...