(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නාරම්මල බස්නැවතුම්පොළ පිටුපස රා තැබෑරුමක් අසල වැටී මියගොස් සිටි අවුරුදු 56ක් පමණ වයසැති පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂාවේදී (රැපිඩ් ඇන්ටිජන්) ඊයේ (15) අනාවරණයවූ බව දඹදෙණිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නදීකා මුණසිංහ මහත්මිය පවසයි.
මෙම පුද්ගලයා නාරම්මල බස්නැවතුම්පොලේ රා තැබෑරුම අසල වැටී සිටියදී සුවසැරිය ගිලන් රථ සේවාව මගින් දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කළ බවත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවත් අධිකරණ වෛද්‍ය නිලධාරී නදීකා මහත්මිය කිවාය.
මොහු යාචකයකු බවද පොලිසිය පවසයි.
නාරම්මල දංගොල්ල ආදාහනාගාරයේදී මෙම පුද්ගලයාගේ සිරුර ඊයේ සවස නිරෝධායන නීති රීතිවලට අනුව ආදාහනය කෙරිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාරේ මියගිය යාචකයාට කොරෝනා