( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 369 දෙනෙකු හමුව ඇති බවත් මින් 72 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම , බියගම - 43 ක්, මහර - 30 ක්, කටාන සහ මිනුවන්ගොඩ කොට්ඨාසයන්ගෙන් - 29 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 26 ක්, ගම්පහ - 21 ක්, දිවුලපිටිය සහ දොම්පෙ කොට්ඨාසයන්ගෙන් - 20 දෙනෙකු බැගින්, කැලණිය - 17 ක්, මීගමුව - 16 ක්, රාගම - 13 ක් සහ ජාඇල, මීරිගම හා සීදූව කොට්ඨාසයන්ගෙන් 11 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල ආසාදිතයින් 371 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර අද උදෑසන වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52,892 දෙනෙකු වාර්තා වී ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 42 කු හමුව ඇති අතර නිදහස් ආයෝජන කලාපයේ කටුනායකින් ආසාදිතයින් - 33 ක්, බියගමින් - 6 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව තිදෙනෙකු හමුව ඇත.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,415 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 17
38
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 369 ක්