( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 369 දෙනෙකු හමුව ඇති බවත් මින් 72 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම , බියගම - 43 ක්, මහර - 30 ක්, කටාන සහ මිනුවන්ගොඩ කොට්ඨාසයන්ගෙන් - 29 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 26 ක්, ගම්පහ - 21 ක්, දිවුලපිටිය සහ දොම්පෙ කොට්ඨාසයන්ගෙන් - 20 දෙනෙකු බැගින්, කැලණිය - 17 ක්, මීගමුව - 16 ක්, රාගම - 13 ක් සහ ජාඇල, මීරිගම හා සීදූව කොට්ඨාසයන්ගෙන් 11 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල ආසාදිතයින් 371 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර අද උදෑසන වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52,892 දෙනෙකු වාර්තා වී ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 42 කු හමුව ඇති අතර නිදහස් ආයෝජන කලාපයේ කටුනායකින් ආසාදිතයින් - 33 ක්, බියගමින් - 6 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව තිදෙනෙකු හමුව ඇත.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,415 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd