IMG-LOGO

පන්නිපිටිය පෞද්ගලික රෝහල යළි විවෘත කිරීමට අනුමැතිය

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයට සිදු කළ පීසීආර්  පරීක්ෂණයෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝග ලක්ෂණයක් පහළ  නොවීම හේතුවෙන්  එය විවෘත කර  සුපුරුදු සේවාවන් සිදු කරන ලෙස අද (23) ලිඛිතව දැනුම් දුන් බව මහරගම  සෞඛ්‍ය සේවා නිලධාරීනී වෛද්‍ය රිෂිනි මාරසිංහ මහත්මිය පැවසුවාය.

බොරලැස්ගමුව  රත්තනපිටිය විශ්ව විද්‍යාල පාරේ පදිංචි 56 හැවිරිදි  කොරෝනා ආසාදිත  රෝගියා ඔහුට දීර්ඝ කාලයක සිට තිබෙන වකුගඩු  රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ඉකුත්  18  වෙනිදා එම රෝහල කරා ගොස් තිබිණි.

ඒ හේතුවෙන් එම පුද්ගලයාට ප්‍රතිකාර කළ හෙදිය ඇතුළු කාර්ය මණ්ඩලයේ 7 දෙනකු එම  රෝහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ නිරෝධනයට ලක් කර  එම පෞද්ගලික රෝහල  වසා දැමීමට ලබා දුන් බවත් අනතුරුව  කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු  ද  නිරෝධනයට ලක් කෙරෙණි .
 



අදහස් (0)

පන්නිපිටිය පෞද්ගලික රෝහල යළි විවෘත කිරීමට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site