(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉතාලිය ඇතුළු විදේශ රටවල් කිපයකින් පැමිණ ඇති පුද්ගලයින් 65 දෙනෙකුට දින 14 ක් යන තුරු නිවෙස් තුළ රැඳී සිටින ලෙස මාරවිල දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් හේෂාන්තද මෙල් මහතා තහනම් නියෝගයක් අද (18) නිකුත් කළේය.
නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙම තහනම් නියෝගය නිකුත් කළේය.
මහෙස්ත්‍රාත්වරයා මෙසේ තහනම් නියෝගය නිකුත් කළේ නාත්තන්ඩිය , මාවිල , කටුනේරිය , මාරවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකටය.
දන්ඩ නීති සංග්‍රහයේ 263 වන වගන්තිය ප්‍රකාරව අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 136 (ආ) වගන්තිය අනුව වර්ග කිලෝ මිටර් 74.4 භුමියක පිහිටි නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ 68,406 ක් වූ ජනතාවකගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා අධිකරණයෙන් මෙම ඉල්ලීම කර තිබේ.
ඉතාලිය ඇතුළු රටවලින් පැමිණි පිරිසෙන් 65 දෙනෙකු කිසිඳු නිරෝධායන කටයුත්තක නිරත නොවී සෙසු ජනතාවගේ ජීවිත පවා අනතුරක හෙළමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම අධිකරණ නියෝගය ඉල්ලා සිටින බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසා සිටියේය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ දිර්ඝ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ අනුව අදාල 65 දෙනාට වෙන වෙනම අධිකරණ නියෝගය නිකුත් කිරීමට කටයුතු කළේය.
ඒ අනුව අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සෞඛ්‍ය නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව කිසිම ලෙසකින් නිවසින් දින 14 ක් යන තුර බැහැරව නොයන ලෙසට අවවාද කරමින් මහෙස්ත්‍රාත් හේෂාන්තද මෙල් මහතා අදාල නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ඉහළින් අගය කල යුතු තීන්දුවක්
මේ ලෙසට තමන්ගේ රාජකාරිය වගකීමෙන් ඉටුකරන රාජ්‍ය නිලධාරීන්ට අපේ ගෞරවනීය ආචාරය...!!!
මෙම උසාවි නියෝගය ඉතා කාලෝචිත, වැදගත් තීන්දුවක්..., නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ 01/03 සහ 15/03 අතරතුර මෙම කියන රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ට වඩා විශාල සංචාරකයෝ පිරිසක් දිවයිනට පැමිණියහ. ඔවුන් කිසිම නිරෝධායනයකට සහභාගී වෙන්නේ නැතුව හෝටලයෙන් හෝටලයට සංසරණය වෙමින් රටපුරා සංචාරය කරනවා. සමහරු දුම්රිය, බස්රිය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිතා කරනවා. මොවුන් ගැන කවුරුවත් සොයා බලන්නේ නැහැ. මෙම කාලය තුල චීනයෙනුත් විශාල ශ්‍රමිකයන් පිරිසක් ලංකාවට පැමිණිය ඔවුනුත් ලංකාවේ 1000-2000 චීන පිරිස් සේවය කරන වැඩබිම්වල එකට වැඩ කරනවා. මොවුන් ගැනත් කවුරුවත් සොයා බලන්නේ නැහැ. පොලිසිය වහාම ආරම්භ කරන්න ඕනේ දුම්රිය බස්රිය තුල ගමන් කරන සංචාරකයින්ගේ ගමන්බලපත්‍ර පරීක්ෂාකර මෙම කාලය අතරතුර පමණ සිටි නම් යම්කිසි නිරෝධායන කටයුත්තකට සහභාගී කරවාගන්න...
මම මේ ඉරිසියාවටවත්.., කුහකකමටවත් කියනවා නොවේ. මේ උන්නැහේලා ඉතාලි ගිහින් මෙහෙඇවිත් ලක්සෙට කොඩි දැම්මට එහෙ කරන දේවල් රහසක් නොවේ... කමක් නැහැ ඒක එයාලගේ පුද්ගලික අයිතිය නමුත් මේවගේ වෙලාවක දැන හෝ නොදැන නැත්නම් තියන ආත්මාර්ථකාමීත්වය හින්දා නැත්නම් අපි පොරවල් කියලා හිතන සංකල්පය හින්දා මෙහෙම නිරාවරණය වෙලා අනිකුත් අහිංසක ජීවිත අනතුරේ හෙලනවා නම් මේ අයට අර කොරියාවේ දෙන දඬුවම දෙන්න ඕනෑ...
රටවල් කීපයක් කියන්නේ.., මොනවද රටවල්..? ප්‍රවෘත්තියක් වුණාම මිනිස්සු හරියට දැනුවත් වෙන්න දන්නේ නැහැ. බාගෙට ඕපාදූප කියනවා වගේ දන්නේ නැතිව...
තරහා ගත්තට කමක් නැහැ. මෙය දැනගත යුතුයි. කවුරුත් විදෙස් රටවල්වලට ගිහින් ඉන්නේ සල්ලි හොයන්න. විශේෂයෙන් ඉතාලිය වගේ රටවල්. එහෙ හිහින් කරන නොකරන හැම දෙයක්ම කරනවා ජීවිකාවට. කමක් නැහැ... ආපසු ලංකාවට අාවේ එහෙ ඉන්න බැරි නිසානේ... මෙහෙ ඇවිත් දිව්‍ය ලෝකෙන් පහළ වුණු කුමාර, කුමාරිකාවෝ වගේ නැතිව රටේ සහ පවුල් වල ඉන්න අයගේ ජීවිත වලට වටිනාකමක් දීලා තමන් ප්‍රවේසම් වෙන්න ඕනෑමයි. නැතිනම් හිටපු දිහාටම වෙලා සුරසැප වින්දාම ඉවරයිනේ... තම තමාගේ නූගත්කම සහ ආත්මාර්ථකාමීත්වය නොපෙන්වා හිටියා නම් වඩා හොඳයි...
ජගත් මහත්මය ඉතාලියේ නොවේ කොහේ හිටියත් පුද්ගලයාගේ තරාතිරම කුමක් වුනත්, ආගමන විග්මන් නීති කඩනවා නම් ඒක අනුමත කරන්න බැහැ , නමුත් මේ දේත් මතක තබාගන්න යුරෝපේ සහ දියුණු රටවල ලංකාවේ වගේ පිරිසිදු කරන්නන්, මේසන් බාසුන්නැහේ, පින්තාරු කරන්නෙක් වැනි වෘත්තියන් පහත්කොට සලකන්නේ නැහැ, බොහෝවිට එහෙ වෛද්‍ය වෘත්තියේ යෙදෙන කාන්තාවක් මේසන් , වඩු බාස් කෙනෙක් කසාද බදින්න පුළුවන්, එහෙම නැත්නම් ලගින් ආශ්‍රය කරන්න පුළුවන් . ඔබතුමා කීවට මෙහෙම කියන්නේ කුහක කමට නොවේ කියලා.... නමුත් අනිවාර්යයෙන් සදහන් කල යුතුය. ඒක කියන්නේ කුහකකමට බව .