(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ලංගම ඩිපෝවේ පුත්තලම-මහනුවර බස් රථයේ සේවය කළ රියදුරු කෝවිඩ්-19 ආසාධිතයකු බවට අද (17) සනාථ වී ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. සුරේෂ් මහතා පවසයි.
අදාල රියදුරා 12 වැනිදා රාත්‍රීයේ උණ හා රෝග ලක්ෂණ රැසක් මතු කිරිමත් සමග පුත්තලම මුලික රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කර තිබුණි.
එහිදී සිදුකළ ජෛව පටල සාම්පල පරික්ෂාවකදී අදාල රියදුරුවරයා ආසාධිත බවට සනාථ වී තිබුණි.
මෙම රියදුරුවරයා පසුගිය 10 වැනිදා වනතුරු පුත්තලම-මහනුවර බස් රථයේ සේවය කර ඇති බවද වාර්තා වෙයි.
අදාල රියදුරු වාරියපොල පදිංචිකරුවකු වන අතර මෙම රියදුරු ඇසුරුකළ ආශ්‍රිතයින් සොයා ගැනිමට සෞඛ්‍ය අංශ පරික්ෂණ අරඹා තිබේ.
මෙයට පෙර පුත්තලම ඩිපෝවේ මන්නාරම-කොළඹ ධාවනය වු බස්රථයේ කොන්දොස්තරවරයා පසුගිය 11 වැනිදා කොවිඩ් ආසාධිත වී තිබුණි.
ඒ සමගම මෙම කොන්දොස්තරවරයා ඇසුරුකළ රියදුරන් හා කොන්දොස්තරවරුන් 44 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුත්තලම ඩිපෝවේ නුවර බස් රථයේ රියදුරුට කොරෝනා