රාමදාන් උපවාස සමයේදී නිවසේ සිට යාඥාවල නිරත වන්නැයි සෞදි අරාබියේ ඉහළම ආගමික කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතුමන්ගෙන් ඉල්ලීමක් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය මෙම ඉල්ලීම කර ඇත.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් විවිධ පියවර ගෙන ඇති බැවින් ඒ ඒ රටවල ආණ්ඩු හා පාලනාධිකාරීන් ගන්නා ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කරන්නැයි ද කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධ වූ වූ උපවාස මාසය වන රාමදාන් උපවාස මාසය මේ සතිය අගදී ආරම්භ වීමට නියමිතය.
ඒ ඒ රටවල බලධාරීන් සෞඛ්‍ය බලධාරීන් සමාජ දුරස්ථභාවය පවත්වාගන්නැයි නියෝග කරන්නේ නම් ඒ අනුව කටයුතු කරන්නැයි ද එම කවුන්සිලය ඉල්ලා ඇත.
‘‘මුස්ලිම්වරුන් එක්රැස්වීම නොකළ යුතුයි. මහජන ඒකරාශීවීම් වයිරසය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව’’ යැයි සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
‘ද නිව්යෝක් ටයිම්ස්’ ඇසුරිනි
- 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපවාස කාලේ පඩික්කමකට කෙලගහන්න කියල නිවේදනයකුත් දෙන්න. නැත්නම් අර බංගලිදේශේ වගේ රටවලට සොරි ඩොට් කොම් තමයි.
ඔයකිව්වට අපේ මන්ත්‍රීතුමා කියන විදියට තමයි අපි වැඩකරන්නේ.
එතකොට ඔය මිනි වලලන්න දෙන්න කියන අය දැන් මොකද දන්නේ නැහැ කියන්නේ? ඔය මිනි වලලන්න දුන්නොත් තවත් ලොකු අනතුරක් මම දකිනවා. ඔය මිනි හාරලා ඒවායේ විසබීජ අරගෙන සමාජයට පතුරන්න විනාශ කාරීන් උත්සාහ කරන්න බැරිකමකුත් නැහැ .
සෞධිය රජයක් විදියට බොහොම නිර්භීත තීරණ අරන් තියනවා මේක පාලනය කරන්න එකක් තමයි දවසට 5 වතාවක් කරපු "සලා " නමැති ආගම් සිහිකිරීමට පල්ලි වලට යන එක නවත්තපු එක ඊළඟට මක්ක්කම වන්දනාවත් නවත්තල මේ ව වත්මන් රජකුමරගේ නිර්භීත තීරණ එහෙ එහෙම උනාට මෙහෙ.