IMG-LOGO

නිරෝධායනය වූ අයට අටුළුගමින් බැහැර යන්න අවසර

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොවිඩ්-19 වයිරසය ආසාදිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් සුවය ලබා පැමිණ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයන්ට තම අවශ්‍යතා පරිදි අටුලුගමින් බැහැරව යාමට අද (19) අවස්ථාව ලබාදුන් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.
 
තවද බමුණුමුල්ල සහ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම් වලින් රෝගීන් වාර්තාවීම අවම වීම  නිසා හෙට 20 දින සිට සංචරණ සීමාවන් ඉවත් කිරීමටත් තීරණය කළ බව ඇය කීවාය.
 
අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පනවා තිබෙන සංචර සීමාවන් ඉවත් කිරීම සඳහා බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බණ්ඩාරගම පොලීසිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පැවැති සාකච්ඡාවෙන් අනතුරුව  එම තීරණ ගත් බව වෛද්‍යවරිය පැවසුවාය.
                         
කොවිඩ්-19  වයිරසය ආසාදිත රෝගීන් 17 දෙනෙකු එකවර හමුවීමත් සමගම ඉකුත් නොවැම්බර් 21 වෙනිදා අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් 7 ක් හුදකලා තත්ත්වයට පත් කර මේ වන විට මාස දෙකක් ගතවී ඇත. 
 
එලෙස අවශ්‍යතා මත බැහැරව යන පුද්ගලයන්ගේ අනන්‍යතාවයන් සහතික කර ගල්තුඩේ සහ දොළපාර පොලිස් මුරපොල හරහා පිට වීමට අවස්ථාව සැලසීමට කටයුතු කරනු ලැබ තිබේ.
 
හෙට දින සිට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදුකරන බවත් එහි ලැබෙන ප්‍රතිඵල අනුව සති අන්තය වන විට අටුලුගම ඇතුළු අනෙකුත් ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පිළිබඳ තීරණය  කරන  බවත් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

 



අදහස් (4)

නිරෝධායනය වූ අයට අටුළුගමින් බැහැර යන්න අවසර

Raveendra Tuesday, 19 January 2021 02:08 PM

තනි සිංහල ආණ්ඩුව... නිකන් එහෙම කිව්වා වගේ මතකයි ඡන්දෙන් පස්සේ..

:       7       9

ස' ෆේල්Wednesday, 20 January 2021 01:28 AM

ඇයි සිංහල ආණ්ඩුව කියලා හොඳ වෙච්ච මිනිස්සු හැමදාම හිර කරගෙන ඉන්නද? ඔවුන්ට හොඳ වෙලා නම්, ඔවුන්ගෙන් තවත් කෙනෙක්ට ආසාදනය වෙන්නේ නැත්තන් යන්න දෙන්න ඕනේ. මෝඩ වුණාට ඒ අයත් මිනිස්සුනේ තමුන්නැහැ වගේම...

:       0       0

Prabha Tuesday, 19 January 2021 02:44 PM

කටට ඉබ්බෙක් දාලා යවන්න. නැතිනම් වටේටම කෙළ ගහයි.

:       3       10

Nihal Wednesday, 20 January 2021 07:12 AM

මගේ ගෙදර මුස්ලිම් මිනිහෙකුට ඉන්න දුන්නා. අපිට දැනුයි තේරෙන්නේ.. අපේ ආහාර වලට මිනිහා කොච්චර කෙළ ගහනවා ඇතිද කියලා..?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 338 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 513 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 206 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site