(ඉන්දිකා රාමනායක , ක.ග කරුණාරත්න ,සමන් පාලිත නානයක්කාර සහ ඩී.කේ රත්න )
යුද හමුදාවේ අධීක්‍ෂණය යටතේ නිරෝධායනවලිය සාර්ථකව අවසන් කළ තවත් 223 දෙනෙකු අද (26) නිවෙස් බලා පිටත් කළ බව යුද හමුදාව පවසයි.
හමුදා ප‍්‍රකාශක බ්‍රිගේඩියර් නන්දන වික‍්‍රමසිංහ මහතාට අනුව ඒ ඒ මධ්‍යස්ථාන වලින් පිටව ගිය සංඛ්‍යාව මෙසේයි.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් - 125 යි
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් - 42 යි
දියතලව නිරෝධායන මධ්‍යස්ථානයෙන් - 38 යි
මීයන්කුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් - 18 යි
මෙම පිරිස අතරින් සිව්දෙනෙක් විදේශිකයින් බවත් හමුදා ප‍්‍රකාශකවරයා කීය.
නිරෝධායන ක‍්‍රියාවලිය සාර්ථකව නිමා කළ තෙවන කණ්ඩායම මෙය බවද හමුදාව සඳහන් කරයි.
මෙම පිරිසත් සමඟ ගතවු දින තුනක කාලය තුළ 700 කට අධික පිරිසක් සාර්ථක නිරෝධායන ක‍්‍රියාවලියෙන් අනතුරුව නිවෙස් වෙත යොමු කළ බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප- ක.ග කරුණාරත්න)
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
නිරෝධායනය අවසන් කළ තෙවැනි කණ්ඩායමත් පිටව යයි