(යොහාන් භාසුර)
කොළඹ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ ග්‍රාම නිලධාරී වසම් පහක් ‘කොවිඩ් 19’ අවදානම ඉහළ යෑම නිසා අද (27) පෙරවරු 6.00 සිට හුදකලා කළේ යැයි ‘කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම පොලිස් බල ප්‍රදේශයේ තලාහේන දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජය මාවත සහ ජයගත් මාවත ද, තලාහේන උතුර ග්‍රාම නිලධාරී වසමේ ජයගත් මාවත, සත්සර මාවත, ඉසුරු මාවත, සමනල මාවත සහ තැපැල් පෙට්ටිය හංදිය යන ප්‍රදේශ හුදකලා කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ කහන්ගම කොස්ගල වත්ත ග්‍රාම නිලධාරී වසම සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ බෝපැත්ත ග්‍රාම නිලධාරී වසම හුදකලා තත්වයට පත්කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයේ කැටබුලාව මධ්‍ය කොටස ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කර තිබේ.
2025 නොවැම්බර් මස 17
38
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දිස්ත්‍රික්ක තුනක ග්‍රාමසේවා වසම් 5 ක් හුදෙකලා කරයි
Sri Lanka Sunday, 27 June 2021 12:09 PM
බොරුව දැන්වත් අයින් කරලා, මිනිස්සුන්ට කීයක් හරි හම්බකරන් පාඩුවේ ජීවත් වෙන්න දෙන්න...