කොරෝනා වසංගතය ‘‘දෙවැනි ලෝක යුද්ධයෙන්’’ පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය යැයි ජාතිය අමතමින් එරට චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය ප්‍රකාශ කළාය.
ජර්මානු චාන්සලර්වරියගේ ජාතිය ඇමතීමේ කතාව රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු අතර කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ද ඇය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ සටනේදී සෑම පුරවැසියකුටම වගකීමක් හා කාර්යභාරයක් පැවැරී ඇතැයි සඳහන් කළ ජර්මානු නායිකාව සෑම පුරවැසියකුගෙන්ම තමන්ට හිමි කොටස ඉටු කරන්නැයි ද ඉල්ලා සිටියාය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වයිරසය මේ වනවිට යුරෝපය පුරා මේ වනවිට වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර වයිරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ද යුරෝපයයි.
‘‘තත්ත්වය ඉතාම දරුණුයි. අපි මෙය බරපතළ ලෙස ගත යුතුයි. ජර්මනිය එක්සත් විය යුතුයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ අපි කවදාවත් මේ වගේ අභියෝගයකට මුහුණ දීලා නැහැ. අපි සාමූහිකව වැඩ කරන්න ඕනෑ. අපේ සටනේ ජයග්‍රහණය තීරණය වෙන්නේ අපි කොච්චර එකමුතු ද කියන කරුණ මත’’ යැයි ඇය සඳහන් කළාය.
වසර 15ක් මුළුල්ලේ ජර්මනිය පාලනය කරන ජර්මානු නායිකව මීට දශකයට මූල්‍ය අර්බුදය ඇති වූ අවස්ථාවේදී හෝ 2015 සරණාගත අර්බුදය හෝ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූ අවස්ථාවේදී හෝ මෙලෙස රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතුවේ නැති අතර ඇය සාම්ප්‍රදායික අලුත් අවුරුදු සුබපැතුම් ලබාදීමට පමණක් ජාතිය ඇමතීම සිදුකළාය. ඒ හැර වෙනත් කිසිදු අවස්ථාවකදී එලෙස ජාතිය ඇමතීමකට ඇය සම්බන්ධ නොවූවාය.
‘‘මෙයින් සාර්ථකත්වය ලබන්න පුළුවන් යැයි මා දැඩි සේ විශ්වාස කරනවා. සෑම පුරවැසියකුම තමන්ට පැවැරී තිබෙන වගකීම ඉටු කරනවා නම් එය අපට කරන්න පුළුවන්’’ යැයි ජර්මානු නායිකාව කීවාය.
(ඒ.එෆ්.පී.)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ කතාවක්. හැබැයි කොරෝනා වයිරසය චීනයේ වූහාන් නගරයෙන් පටන් ගත්තට ව්‍යාප්තිය පටන් ගත්තේ චීනෙන් කියන එක වැරදියි. ඒ මොකද කිව්වා නම් චීනයේ මුලදීම නගරය ලොක් ඩවුන් කරලා පැතිරීම වැළැක්වූවා. අනිත් එක ලංකාව උදාහරණයක් විදිහට ගත්තොත්, ලංකාවේ පළවෙනි කොරෝනා අසාදිතයා චීන ජාතික කාන්තාවක්... හැබැයි ඇයගෙන් කාටවත් බෝ වෙලා තිබුණා කියලා සාක්ෂි නැහැ. ලංකාවේ පළවෙනි ලාංකික කොරෝනා අසාදිතයා යුරෝපා සංචාරකයින් එක්ක ගිය සංචාරක මඟ පෙන්වන්නෙක්... අනිත් අතට අද වෙනකොට මේ තරම් රෝගීන් සංඛ්‍යාවක් ලංකාවේ ආසාදිත වෙන්න හේතුව ජනවාරි ඉඳන් යුරෝපා සහ වෙනත් රටවල සිට ආපු දේශීය සහ විදේශීය පිරිස්... ඒ හින්දා මේක චීනයටම බර කරන එක වැරදියි. තාම හරියටම හොයා ගෙනත් නැහැ මුලින්ම පටන් ගත්තේ කොහොමද කියලා...?
ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි කොරෝනා වයිරසයේ එකම ජයග්‍රාහකයා. බලන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුමුදු සිහින එක රැයින් සැබෑ වෙච්ච හැටි. 1. දේශ සීමා නිකම්ම වැහුණා. 2. දැන් සරණාගතයින්ට එන්න බැහැ. අනාගතේ එන එකත් සීමා කරනවා. 3. එක වයිරසයෙන් චීනය ලොක් කළා. 4. චීනේ වෙළඳ අධිපත්‍යය කඩා වැටුණු හෝ වැටෙමින් පවතිනවා. 5. දැනටම ධනවත් යුරෝපා රටවල් කියනවා තමන්ට අවශ්‍ය දේවල් තමන්ගේ රටේම නිපදවන්න ඕනේ කියලා. මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලොකුම සිහිනයක්. 6. ඉරානයට දැන් බෝම්බ දාලා කරදර වෙන්න ඕනේ නැහැ. 7. ලෝකයේ බොරතෙල් ආධිපත්‍යයත් කඩා වැටුණා. 8. යුරෝපයේ ආර්ථිකය කඩා වැටෙද්දී කෙලින් හිටපු ආසියානු ආර්ථිකය බලා ඉන්දැද්දී කඩා වැටෙනවා. 9. 2020 සිට යුරෝපා ආර්ථිකය කඩා වැටිලා ආසියාවේ ආර්ථිකය ඉහළට යනවා කියලා කියපු පුරෝකථන ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනස් කළා. 10. ධනවත් රටවල් ඩොලර් බිලියන් සිය ගණන් තමන්ගේ රටවල් මිනිස්සුන්ගේ සුබ සාධනය සහ ආර්ථිකය කඩා වැටීම නවත්තන්න යොදවද්දී, ලංකාව වගේ රටවල් ලොක් ඩවුන් එකක් කරලා කොරෝනා පැතිරෙන එක වළක්වන්න අවශ්‍ය ප්‍රතිපාදන නැතුව ලතවෙනවා. 11. අවසාන වශයෙන් කොරෝනා වළක්වන එන්නතත් ඇමරිකාවම හදලා ඒකෙනුත් බිලියන් ගණන් හම්බ කරනවා...
මේ අය තමයි යුරෝපයේ සරණාගත වසංගතයට, ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නවලට මුල... දැන් කොරෝනාවක් අල්ලාගෙන කියවනවා..