(තිළිණි ද සිල්වා)
දුරස්ථව සිට අධිකරණ කටයුතු පවත්වාගෙන යාම හා නඩු ඇසීම සිදු කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශයට ලැප්ටොප් පරිගණක 55ක් පිරිනැමීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පියවර ගෙන ඇත.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් කරන ලද ඉල්ලීමකට අනුව දුරස්ථව සිට අධිකරණ කටයුතු පවත්වාගෙන යාම හා නඩු ඇසීම සිදු කිරීම සදහා මෙම ලැප්ටොප් පරිගණක පිරිනමා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය කියා සිටී.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අරමුදලෙහි මෙරට නේවාසික නියෝජිත රොබට් ජුකීම් මහතා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත අදාළ පරිගණක නිල වශයෙන් බාර දෙනු ලැබිණි.
දුරස්ථව සිට සිදුකරන මෙම නඩු ඇසීමේ ක්‍රියාවලිය , අධිකරණ පද්ධතිය ඩිජිටල්කරනය කිරීමේ අධිකරණ අමාත්‍යාංශයේ දිර්ඝ කාලීන වැඩසටහනේ තවත් පියවරක් යැයිද අධිකරණ අමාත්‍යංශය කියා සිටී.
මෙම අවස්ථාවට ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා, අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත රොබට් ජුකීම් යන මහත්වරුන් ඇතුලු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතවරු ද එක්වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුරස්ථව නඩු අහන්න අධිකරණ අමාත්‍යංශයට ලැප්ටොප් 55 ක් පිරිනමයි
WCA Monday, 28 December 2020 03:38 PM
රටේ නඩු අහන්න ලෝකේ වටේ හිඟාකනවා. මෘතශරීර දාන්න පැය 24න් අයිස් පෙට්ටිත් ගේන්න පුළුවන්...