(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 156 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,620 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 87 දෙනෙක් සහ කාන්තාවෝ 69 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 121 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් ද වෙති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියානු සංචාරකයින් ලංකාවෙන් යනතුරු රට වහන්න බෑ.. කියලා තීරණ තීන්දු ගන්න අය කිව්වලු...
අහිංසක මිනිස්සු, ජනතාව අන්ත අසරණ වෙලා කාගේ පිළිසරණක්ද ?
හමුවුණේ එක් ආසාදිතයයි: කැන්බරා ලොක්ඩවුන්... අපේ රටට වුණු වින්නැහියක්.... අන්ත අසරණ වෙලා ජනතාව... දේශපාලකයින් විකාර කරනවා...
දැන්වත් වහපල්ලා පෙරේත දේශපාලුවනි, මොන විනාශයක්ද මේ රටට වෙන්නේ...!!!
අර හොඳටම කරපු එකා පේන්නවත් නෑනේ හැබෑවටම
මිලියනයකට දෛනික මරණ අනුපාතය අතින් අපි ලෝකයේ 11 වෙනියා. කොහොමද කාර්ය සාධනයේ ප්‍රගතිය. වර්ල්ඩෝමීටරය බලන්න.
ලොක් ඩවුන් නම් කරන්න එපා මහත්තයෝ තව මැරෙනවා මදි
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ
හැමසරේම ලොක් ඩවුන් කරන එක නෙමෙයි මේකට විසදුම , සමාජයේ ඉන්න රෝගීන්ව හඳුනාගෙන පැතිරෙන එක වළක්වා ගන්න ඕනේ , ඒකට දෛනික PCR ප්‍රමාණය මිට වඩා 10 ගුණයකින්වත් වැඩිකරනන ඕනේ , අර චිනේ වූහාන් නගරයෙන් ආසාදිතයන් පිරිසක් හමුවුනා කියල ඒ ගොල්ලෝ එම නගරයේ සිටින මිලියන් 11ක්ට ම PCR කරනවා මේ දවස් වල .