(ජේ.කේ.එල් චාමින්ද)
ඇඳිරි නීතිය පවතින කාලය තුළ දකුණු පළාතේ රෝහල් සඳහා සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංගම බස් රථ 27ක් යොදවා ඇති බැව් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු ආර්.ඒ.පී. කුමාර මහතා පවසයි.
සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා තංගල්ල රෝහල සදහා බස් රථ 4ක්, කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා බස් රථ 6ක් නිදහස්කොට ඇති බවද ගමනා ගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකාරවරයා සඳහන් කළේය.
ඔහු මේ පිළිබද අදහස් දක්වමින් මෙසේද කීවේය.
'දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා තමයි මෙම බස් රථ 27 යෙදවලා තියෙන්නේ. හම්බන්තොට කළුතර, කරාපිටිය, මාතර බලපිටිය, ආදි රෝහල්වල සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වෙනවා. කරාපිටිය-අම්බලන්ගොඩ කරාපිටිය-අකුරැස්ස, කරාපිටිය-මාතර, කරාපිටිය-උඩුගම, කරාපිටිය-ඇල්පිටිය, අකුරැස්ස මාතර, අකුරැස්ස මුලටියන යටියන, වලස්මුල්ල මාතර, මාතර තංගල්ල යන මාර්ගවල හා කරාපිටිය රෝහල සදහා උඩුගමින් ඇල්පිටියෙන් ගමන්වාර 03 බැගින් සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය කිරීමට බස් රථ යොදාගන්නවා.
හෙට ඇඳිරි නීතිය ඉවත් කළ පසු සේවකයින්ට පැමිණෙන ලෙස දන්වා තියෙනවා. සේවා අවශ්‍යතාවය මත තමයි බස් රථ යොදවන්න වෙන්නේ. නගර ආශ්‍රිත බස් රථ සේවවාක් යෙදාවන්න පුළුවන් වේවි. එහෙත් ඇඳීරි නීතිය පස්වරු 2.00කට යලි පනවන නිසා දුරගමන් සේවා සඳහා බස් රථ යෙදවීමට හැකිද කියා ස්ථිරවම කියන්න බැහැ.සේවා අවශ්‍යතාවය මත තමයි බස් රථ යොදවන්න වෙන්නේ' යැයිද ප්‍රාදේශීය කළමණාකාරවරයා සදහන් කළේය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයන් ප්‍රවාහනයට ලංගම බස් රථ 27ක්