දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජයින් මහතාගේ පක්ෂයට තීරණාත්මක ජයක් හිමිවී තිබේ.
කොරෝනා වෛරසයට දකුණු කොරියානු රජය දක්වන ප්‍රතිචාරවලට ජනතාව සහාය දැක්වීම මෙම ජයග්‍රහණයට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
කොරෝනා වෛරසය ලොව පුරා පැතිරයාම ආරම්භ වීමත් සමඟ ජාතික මැතිවරණයක් ප්‍රථම වරට පැවැත්වූ රට දකුණු කොරියාව වෙයි.
සමාජ දුරස්ථනා මාර්ගෝපදේශ සහ දැඩි සෞඛ්යාරක්ෂිත සීමා හමුවේ ඊයේ මැතිවරණය පැවැත්වුණි.
මැතිවරණයෙන් ජනාධිපති මූන් ජයින් මහතාගේ ඩිමොක්රටික් පක්ෂය එරට ජාතික සභාවේ ආසන 300 කින් ආසන 163 ක් දිනා ගැනීමට සමත් විය.
එම පක්ෂයට සහාය පළකළ ප්ලැට්ෆෝම් පක්ෂය ආසන 17 දිනා ගෙන ආණ්ඩුවට සමස්ත ආසන 180 ක් හිමිකර දුන්නේය.
පක්ෂ 35 කින් අපේක්ෂකයෝ මැතිවරණයට ඉදිරිපත් වී සිටිහය.
කෙසේ වුවත් ඩිමොක්රටික් පක්ෂය සහ කන්සවේටිව් විපක්ෂය අතර මැතිවරණ සටන පැවතුණි.
වසර 16 ක් තුළ ප්‍රථම වතාවට වාමාංශික පක්ෂ සිය බහුතර බලය ආරක්ෂා කර ගැනීමට සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
(බීබීසී ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ලොක්කෝ ටිකත් දැන් සිහින දකිනවා ඇති ජන්දයක් තියාගෙන 2/3 ගන්න. ඒ අයම කියාගන්නවා අපි මරු බලනවකො සුද්දොත් කියනවා අපි මරු කියලා. ඕ අපිම තමා ..
දකුණු කොරියාවේ ජනපති චන්දෙ දිනුවේ කොරෝනා හොඳින් පාලනය කළ නිසා නෙවෙයි. ජනපතිතුමා අති දක්ෂ පාලකයෙක්. අයියලා, මල්ලිලා, බාප්පලා පුතාලා නැන්දිලා, අයියලගේ පුතාලා රජ කරන පාලනයක් එහෙ නෑ. දකුණු කොරියාවේ දේශපාලන හොර තක්කඩි වැඩ තියෙනවා. නමුත් කේස් එකක් ඇදුනොත්, බඩූම තමා. කලින් ජනපතිට පරාද වෙලා ටික කලකින් සිය දිවි නසා ගන්න උනේ ඒ නිසා. මෙහෙ වගේ රජ හොරු එක්ක "අල්ලන සෙල්ලම්" කරේ නෑ. තිබුණු ලොකුම අභියෝගේ තමයි, චීනේ, USA හා උතුරු කොරියාව හොඳින් කළකළමනාකරණය කිරීම. ඔහු ඒ වැඩේ හරියටම කරා. හුඟක් අවදානම් තීරණ හරි කෙලින් ගත්ත. තුනෙන් දෙක ගන්න බැරි උනත් හොඳ ජයක් ලබන්න පුළුවන් උනේ ඒ නිසා. අපි පිටරට උන්නත් මෙහෙ වෙන දේ දන්නවා. ලංකාවේ රජ පවුලට 3/2 දුන්නොත්, අපේ දරුවොන්ට රාජාණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා හොඳට බලා ගන්න පුළුවන්. මූන් වගේ කෙනෙක් වෙන්න ජනපතිට පුළුවන්. නමුත් පවුල් කල්ලිය කවදාවත් ඒක කරන්න දෙන්නේ නෑ. රජ පවුල හා තක්කඩි පුරෝහිත රැළ ගෝඨාව දඬු කඳේ ගහනවා. නිවාස අඩස්සියට ගන්නවා. වෙන්න-රජ පුතාට එරෙහි වෙන්න කාටවත් බැරි වෙනවා.